Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇඳිරිනීති සමයේ රේගුවට කෝටි 745ක බදු ආදායමක්

 නිරෝධායන ඇ`දිරිනීතිය පැවති මෙම මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාලය තුළ රුපියල් කෝටි 745ක් (බිලියන 7.45ක්) ආනයන බදු වශයෙන් ශ‍්‍රී ලංකා ...


 නිරෝධායන ඇ`දිරිනීතිය පැවති මෙම මස 21 වැනිදා සිට 27 වැනිදා දක්වා වූ කාලය තුළ රුපියල් කෝටි 745ක් (බිලියන 7.45ක්) ආනයන බදු වශයෙන් ශ‍්‍රී ලංකා රේගුව එකතු කර ඇතැයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවසීය.


එහිදී රුපියල් බිලියන 49කට අධික වටිනාකමින් යුත් පූර්ණ දේශීය නිෂ්පාදන සහ ආයෝජන මණ්ඩලය යටතේ ක‍්‍රියාත්මක කර්මාන්ත විසින් සිදු කරන ලද අපනයන, ශ‍්‍රී ලංකා රේගුව විසින් අනුමත කර තිබේ.


ඒ අනුව, නිරෝධායන ඇ`දිරිනීතිය පැවති පසුගිය දින හත තුළ සහ නිරෝධායන ඇ`දිරිනීතිය නොපැවති ඊට පෙර සතියේ දින හත තුළ ස්වයංක‍්‍රීය රේගු දත්ත ගබඩාවේ සටහන්වූ දත්ත විශ්ලේෂණයේදී විශේෂයෙන් නිරෝධායන ඇ`දිරිනීතිය පැවති පසුගිය දින හත තුළදී දිනක සාමාන්‍ය අපනයන වටිනාකමෙන් සියයට 90කට වඩා වැඩි අපනයන වටිනාකමක් ඇති අපනයන ශ‍්‍රී ලංකා රේගුව විසින් අනුමත කර ඇති බවත්, මෙම කාලය තුළ ශ‍්‍රී ලංකා රේගුව විසින් දිනකදී එකතු කරන සාමාන්‍ය ආනයන බදු ආදායමෙන් සියයට 82කට වඩා වැඩියෙන් එකතු කර ඇති බවත් සුදත්ත සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේය.

devaina

No comments

Ads Place