Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩෙල්ටා අවදානම හමුවේ චීනය 03 වන මාත්‍රාව ගැන සිතයි

පාසැල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ඒ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රට තුළ සීග්‍...


පාසැල් දරුවන්ට කොරෝනා මර්දන එන්නත් ලබාදීමේ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීමට චීනය පියවර ගෙන තිබෙනවා. ඒ, ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය රට තුළ සීග්‍රයෙන් ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති පසුබිමක් තුළයි. 


ඒ අනුව චීනය තුළ මේවනවිට සිදු කෙරෙන වේගවත් එන්නත්කරණ වැඩපිළිවෙළ යටතේ අවුරුදු 12 ත් 17 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන දරුවන් එන්නත්කරණය සඳහා ප්‍රමුඛත්වය ලබාදී තිබෙනවා. චීනයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යමින් ඇති අතර ඇතැම් පුද්ගලයින්ට ආසාදනය වී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයයි.


ඒ අනුව දැනට පවතින තත්ත්වය අනුව නව කොරෝනා පොකුරෙන් ප්‍රදේශ 16 කට පමණ වෛරසය ව්‍යාප්ත වී ඇත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. 


චීනයේ ඇතැම් නගරවලින් ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනා ගැනීම හේතුවෙන් ලක්ෂ 6 ක පමණ පිරිසකට කොරෝනා ආසාදිතයින් හඳුනා ගැනීමේ පරීක්ෂණ සිදුකරමින් පවතිනවා. කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 02 ම ලබාගත් පුද්ගලයින්ට පවා කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.


පවතින තත්ත්වය හමුවේ චීන වැසියන්ට 03 වන මාත්‍රාවයක් ලබාදීමේ අවශ්‍යතාවක් ඇතිද යන්න සම්බන්ධයෙන් ද මේවනවිට බලධාරීන්ගේ අවධානය යොමුව ඇතැයි සඳහන්. 

nethnews

No comments

Ads Place