Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘මොඩානා ශරීරයට අහිතකරයි..’ ප‍්‍රචාර යැවූ ‘FB විද්වතා’ පසුපස රහස් පොලිසිය..

  මෙරට එන්නත් කරනයේ යෙදෙන ඇමරිකාවේ නිශ්පාදිත මොඩානා එන්නත සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ විමර...

 


මෙරට එන්නත් කරනයේ යෙදෙන ඇමරිකාවේ නිශ්පාදිත මොඩානා එන්නත සම්බන්ධයෙන් සමාජ ජාල ඔස්සේ අසත්‍ය ප්‍රචාර සිදු කරන පුද්ගලයන් සෙවීම සඳහා විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ද සහය ඇතිව මෙම විමර්ශනය ක්‍රියාත්මක කර තිබෙන බවයි.

මෙම විමර්ශනය ක්‍රියාත්මක වන්නේ මහනුවර මහ රෝහලේ නීති වෛද්‍ය නිලධාරියා විසින් සිදු කළ පැමිණිල්ලක් මතය.

මොඩානා එන්නත ශරීරයට අහිතකර බවත් එහි නැනෝ තාක්ෂණය සහිත බවත් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු සංසරණය වන බවට වෛද්‍යවරයා විසින් පැමිණිලි කර තිබේ.

මධ්‍යම පළාතේ ජනතාවට මෙම එන්නත ලබා දෙමින් සිටින අවස්ථාවක ඒ සම්බන්ධයෙන් ඇති විශ්වාසය පළුදු කිරීමේ අදහසින් එම අසත්‍ය ප්‍රචාර සිදුකරන බවද පැමිණිල්ලේ තවදුරටත් දැක්වේ.

lankacnews

No comments

Ads Place