Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මියගිය මෙහෙකාර දැරිය බදියුදීන්ගේ නිවසේ රදවා ඇත්තේ බල්බයක්, පංකාවක් නැති වර්ග අඩි 100ක සිරකුටියක.. පිටතින් අගුළු දාලා…

  සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ...

 


සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික, සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ මෙහෙකාර සේවයේ යොදවා සිටි ඉෂාලිනි දැරිය බරපතළ කෲරත්වයකට – නොසලකා හැරීමකට ලක්කර මියයාමට සලස්වා ඇති බව දැනට සිදු කෙරෙන විමර්ශනවලින් අනාවරණය වී ඇති හෙයින් මෙම අපරාධයට වගකිවයුත්තන් වහාම නීතිය හමුවට පමුණුවන ලෙස ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතාගෙන් ඉල්ලා සිටියි.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙසේ ඉල්ලා සිටියේය.

දිනපතා උදෑසන 05:30 සිට රාත්‍රී 10:30 තෙක් මෙහෙකාර සේවයේ යෙදවීමෙන් පසුව, ඉෂාලිනි දැරිය රිෂාඩ් බදියුදීන් මහතාගේ නිවසට යාබද විදුලි බල්බයක් හෝ විදුලි පංකාවක් හෝ නොමැති, නිසි පරිදි වාතාශ්‍රය ද නොලැබෙන වර්ග අඩි 100ක පමණ සිරකුටියක් වැනි කාමරයක පිටතින් අගුළු දමා නිවැසියන් විසින් රඳවා තබා තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි සමරවීර මහතා පෙන්වා දුන්නේය.

එසේම ඉෂාලිනි එම නිවසේ සේවයේ යොදවාගෙන තිබූ මාස 08ක කාලය තුළ මාසයකට 02 බැගින් 16 වතාවක් පමණක් ඇයට තම මවට දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඉඩ දී තිබූ බවත් ඉෂාලිනීගේ මවගෙන් ලැබුණු දුරකථන ඇමතුම් ඇයට ලබාදී නොමැති බවත් වාර්තා වී ඇතැයි ද ජානිපෙ ජාතික සංවිධායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ය.

එපමණක් නොව අධිකරණ වෛද්‍ය වාර්තා මඟින් මෙම 16 හැවිරිදි දැරිය මැදිවියේ කාන්තාවන්ගේ කායික ලක්ෂණවලින් සමන්විත බවත් නිතිපතා ලිංගික අපයෝජනයට ලක්ව ඇති බවත් හෙළිදරව් කර තිබෙන බව කී සමරවීර මහතා මේ සියලු කරුණු මඟින් ‘ඉෂාලිනී දැරිය බරපතළ කෲරත්වයකට සහ නොසලකා හැරීමකට ලක්කර ඇති බව මැනවින් තහවුරු වී ඇතැයි’ සඳහන් කළේය.

මෙහිදී දණ්ඩ නීති සංග්‍රහය අනුව බදියුදීන් නිවැසියන් අපරාධමය වරදක් සිදු කොට ඇතැයි දැනටමත් තහවුරු වී තිබෙන බවත් තිදරු පියකු වන බදියුදීන් මහතා ඇතුළු නිවැසියන් සිත්පිත් නොමැතිව, අබමල් රොනකවත් මනුස්සකම නොහඳුනන පිරිසක් ලෙස කටයුතු කර ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

දරුවන් කෲරත්වයට – නොසලකා හැරීමට ලක්කර සියදිවි හානි කරගන්නා තත්වයකට පොළඹවාලන, එසේ සිදු කළ අපරාධය වසන් කර දැමීමට ඔවුන්ගේ දිවි තොර කරන ”අපරාධකරුවන්ට” බරපතළ ලෙස වැට බැඳෙන, ඉදිරියේදී දරුවන් මෙවන් ඉරණමකින් බේරාගැනීමට තබන බලගතු පියවරක් ලෙස සලකා මෙහිදී කඩිනමින් යුක්තිය ඉටුවිය යුතු බවත් සමරවීර මහතා අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට ජානිපෙ දේශපාලන මණ්ඩල සභික, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන සමන්සිරි හේරත්, දීපාල් ගුණසේකර යන මහත්වරු ද එක්ව සිටියහ.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ,
මාධ්‍ය ලේකම්,
ජාතික නිදහස් පෙරමුණ

lankacnews

No comments

Ads Place