Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැතිගේ කරුණාවෙන් ජීවන්ත ලොව දකී… අගමැති හමුවෙන්න එයි..

  අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකරගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පල...

 


අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ මැදිහත් වීම මත ලොව දකින්නට වාසනාව උදාකරගත් උපතින්ම දෑස් පෙනීම අහිමිව සිටි ගලෙන්බිඳුණු වැව, පලුගොල්ලෑගම ජීවන්ත රත්නායක දරුවා 28 දින අරලියගහ මන්දිරයේ දී ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවීමට පැමිණියේ ය.

දහතුන් වියැති ජීවන්ත රත්නායක දරුවා ඇසක් ඉල්ලා නගන හඬ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ දකින රෝහිත රාජපක්ෂ මහතා පළමුව ඒ බව දයාබර මව, අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය දැනුවත් කර තිබිණි.

ඒ අනුව දරුවන් කෙරෙහි නිරන්තරයෙන් දයාව කරුණාව දක්වන අග්‍රාමාත්‍ය ආර්යාව ඇසක් ඉල්ලන මෙම දරුවාගේ පිහිටට ඉදිරිපත් වූවාය.

පළමුව දරුවා කොළඹට ගෙන්වාගෙන මෙරට සිටින දක්ෂතම මෙන්ම ප්‍රසිද්ධ විශේෂඥ අක්ෂි ශෛල්‍ය වෛද්‍යවරයෙකුට යොමු කරන අග්‍රාමාත්‍ය ආර්යාව ජීවන්ත රත්නායක දරුවා කොළඹ දී පරීක්ෂණ ගණනාවකටම යොමු කළාය.

එම පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඇසක් බද්ධ කිරීමකින් තොරව මේ දරුවාගේ එක් ඇසකට පෙනීම ලබා දීමට හැකි බවට වූ විශේෂඥ වෛද්‍ය නිර්දේශ අනුව ප්‍රතිකාර ආරම්භ විය.

ඒ අනුව අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය සියලු බර පැන දරමින් අවස්ථා කිහිපයක දී දරුවා කොළඹට ගෙන්වා අවශ්‍ය ප්‍රතිකාර කළාය. ජීවන්ත රත්නායක දරුවාට ලොව දකින්නට වරම් උදාවූයේ ඒ අනුවය.

අග්‍රාමාත්‍යතුමා හමුවීමට පැමිණි සිය පුතණුවන් පිළිබඳව ඔහුගේ පියා ඒ. සුගතපාල මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

දරුවාගේ ඇස් උපතින්ම පෙනුණේ නැහැ. ඒ නිසා පුතා ගොඩක් අපහසුතාවලට පත් වුණා. අපි හරි දුප්පත් අපිට දරුවගේ ඇස් සනීප කරගන්න තරම් වත්කමක් නැහැ. මේ අතරතුර තමයි ශිරන්ති රාජපක්ෂ මැතිනිය මගේ පුතාගේ ඇස් දෙක සනීප කරන්න උදව් කරන්න ඉදිරිපත් වුණේ. පසුව එතුමිය කොළඹ පෞද්ගලික රෝහලක විශේෂඥ වෛද්‍යවරයෙකුට පුතාව යොමු කරලා බෙහෙත් කරන්න පටන් ගත්තා. කියන්න සතුටුයි දැන් මගේ පුතාට ඇස් පේනවා. බයිසිකලේ අරගෙන ගේ වටේ පැදගෙන යනවා. පොත් බලනවා. දැන් පුතා එයාගේ වැඩ තනියම කරගන්නවා. ඒ සතුට කියලා නිම කරන්න බැහැ. පුතා අනුරාධපුර රියන්සි අලගියවන්න විශේෂ පාසලේ ඉගෙනගන්නවා. මේක මහා උතුම්  පුණ්‍යකර්මයක් යැයි සුගතපාල මහතා සඳහන් කළේය.

මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියාය.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

lankacnews

No comments

Ads Place