Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සිංහ ධජය සහිත නිල ඇඳුමක් දුන්නේ නැද්ද? ජාතික ඔලිම්පික් කමිටුව ටෝකියෝ සිට මාධ්‍ය අමතයි!

  ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඇති ජාතික ධජය සහිත නිල ඇඳුමක් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දී ඇති බවත්, ඇතැම් ක්‍රීඩකයන් ‘ලකී කිට්’ එක බව පවසා ඔවුන්...

 


ශ්‍රී ලාංකේය අනන්‍යතාව ඇති ජාතික ධජය සහිත නිල ඇඳුමක් සියලු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට දී ඇති බවත්, ඇතැම් ක්‍රීඩකයන් ‘ලකී කිට්’ එක බව පවසා ඔවුන්ට වාසනාවන්ත යැයි විශ්වාස කරන ඇඳුම් ඇඳ ක්‍රීඩා කිරීමේදී එය වළක්වාලීමට ජාතික ඔලිම්පික් කමිටුව සූදානම් නොවන බවත් ටෝකියෝ නුවරදී ඊයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් එහි සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසීය.


ඇතැම් සමාජ මාධ්‍ය ජාලා කරුණු නොදැන සිදු කරන ඇතැම් ප්‍රකාශවලදී ක්‍රීඩකයන්ගේ මානසිකත්වය බිඳී යන බව ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා සඳහන් කළේය. රුපියල් ලක්ෂ 35ක් පමණ වැයකොට සියලු ක්‍රීඩකයන්ට, පුහුණුකරුවන්ට හා නිලධාරීන්ට සිංහ කොඩිය සහිත ඇඳුම් හා අවශ්‍ය අනෙකුත් උපකරණ දී තිබියදී ඔලිම්පික් කමිටුවට ඇඟිල්ල දිගු කිරීම අසාධාරණ බව ද ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා සඳහන් කළේය.


දක්ෂතා ඇති ක්‍රීඩා පරපුරක් බිහි කිරීමට නම් ඉදිරියේදී ක්‍රීඩා අමාත්‍යාංශය, ජාතික ඔලිම්පික් කමිටුව, අධ්‍යාපන අමාත්‍යාංශය හා ජාතික ක්‍රීඩා සංගම් එක්ව ක්‍රමවත් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බවද ඔලිම්පික් කමිටු සභාපතිවරයා අවධාරණය කළේය.


“අපි සියලු පහසුකම් දීලා ති‍ෙයනවා. පිට්ටනියට ගිහින් සෙල්ලම් කරන්නේ ක්‍රීඩකයෝ. ඒ අය රට ගැන සිතා වැඩ කළ යුතුයි” සුබ්‍රමනියම් මහතා පැවැසීය.


ක්‍රීඩකයන්ට ක්‍රීඩා පිටියෙන් පිටත හා ක්‍රීඩා කරද්දී ඇඳීමට නිල ඇඳුම් දෙකක් නිර්මාණය කිරීම සාමාන්‍යයෙන් සිදුවන අතර, ක්‍රීඩා පිටියෙන් පිටත අඳින අඳුම අන්තර්ජාතික ඔලිම්පික් කමිටුවේ අනුමැතිය ලබා ජාතික ඔලිම්පික් කමිටුව කලට වේලාවට දුන් බව මේ මාධ්‍ය හමුව ඇමැතූ ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා පැවැසීය. ක්‍රීඩා පිටිය තුළදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් අඳින ඇඳුම් නිර්මාණය හා ඒවායේ අනුමැතිය ලබා ගැනීම ඒ ඒ ක්‍රීඩාවට අදාළ ජාතික ක්‍රීඩා සංගම්වල මැදිහත්වීමෙන් සිදු විය යුතු බවද සිල්වා මහතා අවධාරණය කළේය.


මේ තත්ත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉතා හොඳින් දන්නා බවත්, වාසනාවන්ත ඇඳුම් තෝරා ගැනීමේ අයිතිය ඔවුන්ට ඇති බවත් ඒ මහතා පැවැසීය. “නිලූකට මේ ප්‍රශ්නය වුණා. ඔහු මුල් තරගයේදී ඇන්දේ ඔහු කැමැතිම ඇඳුම. නමුත් සමාජ මාධ්‍යවලින් මේ සම්බන්ධ විවේචන ආවාම ඔහු වෙනත් ඇඳුමක් ඇන්ඳා. ඔහුට ඒ ඇඳුම නුහුරු එකක් බවට මානසිකව වැටිලයි තරගයට ගියේ”


“ක්‍රීඩකයන්ගේ පුහුණුවීම් හා සූදානම කළ යුත්තේ ජාතික සංගමයයි. ජාතික ඔලිම්පික් කමිටුව කරන්නේ අන්තර්ජාතික සම්බන්ධීකරණය කිරීමයි. නමුත් ජාතික ඔලිම්පික් කමිටුව ඉන් එහා ගොස් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අන්තර්ජාතික මට්ටමේ පුහුණුවීම් දී තිබෙනවා. ඒ කාර්යය අපි ඉදිරියටත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ ක්‍රියාවලිය අප කරන්නේ ජාතික සංගමයේ අදහස් හා තෝරා ගැනීමේ ක්‍රියාවලිය හරහා. අපි කෙලින්ම කරන්නේ නෑ. කවුරු හරි කියනවා නම් ඔලිම්පික් හෝ ආසියානු මට්ටමට ඇවිත් දක්ෂතා දක්වන්නේ නෑ කියලා එහි වගකීම තියෙන්නේ ක්‍රීඩකයාට, පුහුණුකරුට හා ජාතික සංගමයටයි. අප ඔලිම්පික් හෝ වෙනත් අන්තර්ජාතික ක්‍රීඩා උලෙළවලදී පහසුකම් සැපයීම කරනවා. මේ ඔලිම්පික් උලෙළේදී ඒ යුතුකම හා වගකීම ඔලිම්පික් කමිටුව අකුරටම ඉටුකොට තිබෙනවා” ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්වරයා පැවැසීය.


“පිහිනුම් ක්‍රීඩකයන්ට ඉදිරියේදී අන්තර්ජාතික සංගමය සමග කතා කොට ශිෂ්‍යත්ව කිහිපයක් සූදානම් කොට තිබෙනවා. ජිම්නාස්ටික් ක්‍රීඩිකා මිල්කා ගිහානීට 2024 ඔලිම්පික් උලෙළ දක්වා ජපානයේ ශිෂ්‍යත්වයක් දී තිබෙනවා. තවත් ක්‍රීඩා කිහිපයක් සදහා විදෙස් පුහුණුවීම් ලබා දීමට පරිසරය සකස් කොට හමාරයි. මෙයින් ලොකු පිම්මක් අප බලාපොරොත්තු වෙනවා. ඉන් රටට කීර්තිය ගෙන දීම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට, පුහුණුකරුවන්ට හා ජාතික සංගමයට වගකීමක් පැවැරෙනවා. මේ සඳහා ඔවුන්ගේ කැප වීම, ඉදිරියට යන එක හා අධිෂ්ඨානය තිබිය යුතුයි. ඒක ජාතික ඔලිම්පික් කමිටුවේ අපට දෙන්න බෑ.” සිල්වා මහතා පැවැසීය.


“අප බලාපොරොත්තු වුණේ අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙවැනි වටයට යයි කියා. නමුත් එහෙම වුණේ නෑ. මේ ඔලිම්පික් උලෙළේදී ලොව දැවැන්තයන් වාර්තා අතරට ගියේ නෑ. කොරෝනා නිසා සූදානම අතින් හැම දෙනාම පහළින් ඉන්නේ. අපේ අයටත් නිසි පුහුණුවීම් නැති නිසා උපරිමය කරන්න ලැබුණේ නෑ. මෙයින් ලැබුණු එක් දෙයක් තමයි ඉදිරියේදී අපේ අය සූදානම් කළ යුතු ආකාරය. ජාතික ඔලිම්පික් කමිටු සභාපතිවරයා නිසා හොඳ අනුග්‍රාහකයන් ලැබුණා. මහ ලේකම් නිසා වැඩි ක්‍රීඩක පිරිසක් ඔලිම්පික් උලෙළට සහභාගී කරන්න හැකි වුණා” කණ්ඩායම් ප්‍රධානී ගාමිණී ජයසිංහ මහතා පැවැසීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ මාධ්‍ය සම්බන්ධීකාරක චන්දන ලියනගේ මහතා පැවැසූවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මානසිකත්වය ඉහළ නංවා ගැනීමට ක්‍රීඩක ගම්මානය තුළ දැවැන්ත වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක වන බවය. ඇඳුම් සම්බන්ධ වැරදි ප්‍රචාරයක් ගොස් ඇති බැවින් මේ මාධ්‍ය හමුවේදී එය නිවැරැදි වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පළ කළේය.

noizetv

No comments

Ads Place