Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඇමති විමල් නිරෝධායනයට ලක් කරයි..

  කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්ව සිටී. ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදි...

 


කර්මාන්ත අමාත්‍ය අමාත්‍ය විමල් වීරවංශ මහතා තම නිවෙස තුළ නිරෝධායනයට ලක්ව සිටී.

ඔහුගේ ආරක්ෂක සේවයේ නියුතු නිලධාරීන් කිහිප දෙනකු කොරෝනා ආසාදිතයන් බීම නිසා මෙම පියවර ගත් බව අමාත්‍යවරයා සඳහන් කරයි.

සිය අමාත්‍ය කාර්යාලයද දින 14ක කාලයක් වසා දමා ඇති බව ඔහු පවසයි.

මේ බව සඳහන් කරමින් ඒ මහතා තම සමාජ ජාල ගැන මේ තබා ඇති සටහන මෙසේය.

*****

මාගේ ආරක්ෂක අංශයේ සේවයේ නියුතු පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් කොවිඩ් 19 ආසාදිතයින් ලෙස හදුනා ගැනීම නිසා ඔවුන්ගේ ආශ්‍රිතයෙක් ලෙසත් මේ අවස්ථාවේ මාගේ සමාජ වගකීමක් ලෙසත් සලකා මම ද අද සිට දින 14ක් නිවසේ සිට නිරෝධායනයට ලක්වීමට තීරණය කළෙමි.

කර්මාන්ත අමාත්‍යංශයේ මාගේ අමාත්‍ය කාර්යාලයත් විෂබීජහරණයට පියවර ගත් අතර දින 14ක් එම අංශය ද වසා ඇත. අමාත්‍යංශයේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුකෙරෙන අතර අමාත්‍යාංශයට පැමිණීමෙන් තොරව හැකිතාක් දුරස්ථ ක්‍රම මගින් කටයුතු කරන ලෙස දැනුම් දෙමි.

– කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ



lankacnews

No comments

Ads Place