Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ආණ්ඩුවේ මීලග නැගෙනහිර ජැටිය කොතලාවල පනතයි.. අපි ලෑස්තියි…

  ආණ්ඩුවේ මීළග නැගෙනහිර ජැටිය කොතලාවල පනතද යන තේමාව යටතේ වූ මාධ්‍ය හමුවක් අනාගතය අපි තරුණ ව්‍යාපාරය විසින් ජූලි 14 වැනිදා කොළඹදී පවත්වනු ලැබ...


 ආණ්ඩුවේ මීළග නැගෙනහිර ජැටිය කොතලාවල පනතද යන තේමාව යටතේ වූ මාධ්‍ය හමුවක් අනාගතය අපි තරුණ ව්‍යාපාරය විසින් ජූලි 14 වැනිදා කොළඹදී පවත්වනු ලැබිණි.

එහිදී අනාගතය අපි තරුණ ව්‍යාපාරයේ ජාතික සංවිධායක ඉසුරු ප්‍රසංග මහතා සදහන් කලේ යහපාලන ආණ්ඩුව සමයේ කරළියට ගෙනැවිත් පරාජයට පත්වූ පනතක් වත්මන් ආණ්ඩුව විසින් නැවත ගෙන ඒම හැට නම ලක්ෂයේ ජනවරමට මුළුමනින්ම පිටුපෑමක් බවය.

ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඉසුරු ප්‍රසංග මහතා….

අද කොතලාවල පනත සමිබන්ධව රට පුරා පැන නැගුණු විරෝධයත් සමග රටේ විශාල ව්‍යාකුල තත්තවයක් ඇතිවී තිබෙනවා. මේ විරෝධය ඇතමුන් සිතන ආකාරයට හුදු ආණ්ඩු විරෝධී බලවේගවල ක්‍රියාකාරීත්වයකට ලඝු කළ හැක්කක් නොවෙයි. කෙටියෙන්ම කිවතොත් මෙය පෙරටුගාමී, ජවිපෙ, අන්තරේ වැනි බලවේග පමණක් නොවෙයි මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමා පවා විරුද්ධ වූ පනතක් බව අමතක නොකළ යුතුයි. මොකද මේ පනත මුලින්ම ගෙනාවේ 2018 අප්‍රේල් 11 වැනිදා. ඊට දින කීපයකට පසු වෛද්‍ය පීඨ දෙමාපිය සංගමය කාල්ටන් නිවසට ගොස් මේ පිළිබද මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කරනවා. එතුමා ඒ මොහොතේ මේ පනතට එරෙහි තැනක තමයි හිටියේ. පසුව මේ පනත හකුලා ගන්න යහපාලනයට සිදුවෙනවා. 69 ලක්ෂයක ජනවරමක් වර්තමාන ආණ්ඩුවට ලැබෙනවා. එතකොට අද සිදුවී තිබෙන්නේ එදා යහපාලනය විසින් කරළියට ගෙනා ඒ පනතම අද අකුරක්වත් වෙනස් නොකර වර්තමාන අගමැතිතුමා විසින්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. මෙය ඉතාම කනගාටුදායක තත්ත්වයක්….

මේ කතා කරන අපි ගැන සදහනක් කළොත් අපි මේ ආණ්ඩුවට එරෙහි පාර්ශ්වයක් නොවෙයි. අපි මේ ජනවරමේ අභිලාෂයන් වෙනුවෙන් පෙනී සිටි ජාතිකවාදී මතවාදය නියෝජනය කරන සංවිධානයක්… අපි පෙරටුගාමීන් හෝ වාමාංශිකයන් නොවෙයි. ඒ නිසා පෙරටුගාමීන් කියන දේ පිළිගන්න බැරි අය ඉන්නවා නම් කරුණාකරලා අපි කියන දේවත් අහන්න කියලා අපි කියනවා.

දැන් අපි මේ පනත මොකක්ද කියලා බලමු. මේකට කියන්නේ කොතලාවල පනත. හැබැයි බොහෝ දෙනා හිතන ආකාරයට මේක කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට පමණක් අදාළ පනතක් නොවෙයි. මේක රටේ සමස්ත අධ්‍යාපනයටම බලපාන පනතක්… ඒක වෙන්නේ කොහොමද? අපි දන්නවා රටේ උසස් අධ්‍යාපනයට අදාළ ආයතන පද්ධතියක් තියනවා. අධ්‍යාපන අමාත්‍යාංශය, අධ්‍යාපන ඇමති, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම වගේ දේවල්. එතකොට මේ පනතින් කරන පළවෙනි දේ තමයි රටේ අධ්‍යාපනය සම්බන්ධ මේ පිළිගත් වයූහයට අමතරව වවනත් ව්‍යූහයක් හදන ඒක. ඒකට කියන්නේ පාලක මණ්ඩලය කියලා. මේ පාලක මණ්ඩලයේ සාමාජිකයෝ නම දෙනයි. ඔවුන්ගෙන් හත් දෙනෙක්ම අධ්‍යාපනයට කිසිදු සම්බන්ධයක් නැති මිල්ටරි නිලධාරීන්… ආරක්ෂක ඇමතිවරයාට පමණයි මේ මණ්ඩඩලය වග කියන්නේ… එතකොට මේ කොතලාවල පනත මගින් එහෙම මණ්ඩලයක් හදනවා. හදලා ඒකට රටේ අධ්‍යාපනය සම්බන්ධ අසීමිත බලතල ප්‍රමාණයක් පවරා දෙනවා. ඒක කිසිවෙකුට වග නොකියන සර්ව බලධාරී මණ්ඩලයක්…

මේ මණ්ඩලයට දේශීය, විදේශීය, රාජ්‍ය, පුද්ගලික, කාර්මික, වෘත්තීය ආදී විවිධාකාර ආයතන සමග අනුබද්ධව කටයුතු කිරීවේ හැකියාව තිවබනවා. ඒ විතරක් නොවෙයි. පීඨ, මණ්ඩප, අධ්‍යයන අංශ, උපාධි ආයතන, ආදී වශයෙන් අලුතින් අධ්‍යාපන ආයතන පිහිටුවීවේ හැකියාවත් මේ මණ්ඩලයට තිබෙනවා. පාසල් පවා පිහිටුවිය හැකි බවක් සදහන් වෙනවා. ඊට අමතරව මේ වෙනත් ආයතනවල පාඨමාලා පිළිගැනීමේ බලය, උපාධි ලබාදීමේ බලය, පාඨමාලා අනුමත කිරීමේ බලය මේ මණ්ඩලයට තියෙනවා. මුදල් හා වරප්‍රසාදවලට උපාධි ලබාදීම හා ඒ ආශ්‍රිත සියලු තිරණ ගැනීමේ බලය, මුදලට උපාධි ලබාදෙන ආයතන බලගැන්වීමේ හැකියාව මේ මණ්ඩලයට තිබෙනවා. දේශීය හා විදේශීය ප්‍රභවවලින් ලැබෙන මුදල් පරිත්‍යාග භාරගැනීමට මෙන්ම ඒවා තමන්ට රිසි පරිදි ආයෝජනය කිරීමේ හැකියාව පාලක මණ්ඩලයට තිබෙනවා. එතකොට ඔවුන් තමයි සිසුන් ඇතුළත් කිරීමේ නිර්ණායක කලින් කලට සකස් කරන්නේ. අධ්‍යාපන කාර්යයන්ට අදාළ තනතුරු ඇති කරන්න, අවලංගු කරන්න වගේම අත්හිටුවන්නත් ඔවුන්ට පුළුවන්. ඒතකොට මේ මණ්ඩලය හැසිරවීමේ පූර්ණ බලතල ආරක්ෂක අමාත්‍යවරයා සතුවෙනවා.

එතකොට මේ අසීමිත බලතල නිසා මොකද වෙන්න පුලුවන්… එකක් තමයි සයිටම් හෝ ශරියා විශ්ව විද්‍යාලය වගේ ආයතනවලට මේ මණ්ඩඩලය එක්ක අනුබද්ධ වෙලා අනුමැතිය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. එවැනි අරමුණකින් තමයි යහපාලන ආණ්ඩුව මේ පනත කරළියට ගේන්නේ… එතකොට අපේ රටේ හෝ ලෝකයේ වෙනත් රටවල කුමන හෝ ආයතනයකින්, අධ්‍යාපන කඩවලින් ලබාගන්නා උපාධිවලට, ඩිප්ලෝමාවලට පිළිගැනීම ලබාගන්න මේ මණ්ඩඩලය හරහා හැකියාව ලැබෙනවා. ප්‍රමිතිය ගුණාත්මකභාවය කියන දේ අදාළ වෙන්නේ නෑ… ඒ ඒක්කම අධ්‍යාපනයේ ප්‍රමිතීන් තීරණය කරන ශ්‍රි ලංකා වෛද්‍ය සභාව වැනි ආයතන මේ හරහා හෑල්ලුවට ලක්වෙනවා. මොකද කිසිදු අධ්‍යාපන පසුබිමකින් තොර මිල්ටරි මණ්ඩලයක් හරහා වේ සියලු දේවල් තීරණය වෙන නිසා. විදේශ රටවලින් අත්තනෝමතික ආකාරයෙන් මුදල් ලබාගැනීම කෙතරම් ගැටලුකාරී විය හැකිද කියන කාරණය පහුගිය කාලයේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් ඒකක්. ඒ ශරියා විශ්ව විද්‍යාලයට ලැබුණු මුදල් නිසා. ඒතකොට මේ පනතින් කර ඇත්තේ ඒවැනි ක්‍රියාවන්ට පසුබිම සැකසීම නෙමෙයිද? ඒ නිසා මේ පනත හුදු නිදහස් අධ්‍යාපනයට පමණක් නොවෙයි රටේ ජාතිවාදය, ආගම්වාදය, ජාතික ආරක්ෂාවට පවා බලපාන කාරණයක් බව පැහැදිලියි.

හමුදාවට අධ්‍යාපනය ලබාදීම සදහා වෙනම නීති රීති හෝ ආයතන තිබීම ගැන අපිට ගැටලුවක් නැහැ. හැබැයි මේ කොතලාවල පනතින් සිදුව ඇත්තේ එය නොවෙයි. හමුදාවට අධ්‍යාපනය ලබාදීම වෙනුවට මේ පනතින් සිදුව ඇත්තේ අධ්‍යාපනය හමුදාවට භාරදීමයි. ආණ්ඩුව එවැනි පනතක් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම, මහජන සංවාදයට ඉඩක් නොතබා සම්මත කරගැනීමට දැරු උත්සාහය, ඊට එරෙහිව මතුවූ විරෝධතා මර්දනය කිරීම ආදිය නිසා අද මේ ප්‍රශ්නය නොසිතූ විරෑ මට්ටමට ඔඩු දුවා තිබෙනවා. ඉදිරියේදීවත් ආණ්ඩුව තම ජන වරමේ අභිලාෂයන්ට ගරු කරමින් සිහිබුද්ධියෙන් කටයුතු නොකළ හොත් ඉතා බරපතළ විරෝධයක් රටේ මතුවිය හැකි බව අවධාරණය කළ යුතුයි.

අනාගතය අපි තරුණ ව්‍යාපාරය නියෝජනය කරමින් ප්‍රසාද් ගමගේ සහ නිෂ්ක සුපුල් යන මහත්වරුන්ද වේ අවස්ථාවට සහභාගී වූහ.

lankacnews

No comments

Ads Place