Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල්ට දුන්නේ හිස් භාණ්ඩාගාරයක්.. පොහොට්ටු පසුපෙලින් චෝදනා

  බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වූ සැණින් මෙරට ඉන්ධන මිල අඩු කරන බවක් තමන් නොකී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුම...

 


බැසිල් රාජපක්ෂ මහතා මුදල් ඇමති වූ සැණින් මෙරට ඉන්ධන මිල අඩු කරන බවක් තමන් නොකී බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා සඳහන් කරයි.

බැසිල් රාජපක්ෂ මහතාට ලැබුනේ හිස්වූ මහා බණ්ඩාරයන් භාණ්ඩාගාරයක් බවත් එනිසා ආදායම් උපදවා ගෙන ජනතාවට සහන දීමට කෙටි කලක් ගතවනු ඇති බවත් ඔහු පැවසීය.

හිස් භාණ්ඩාගාරයක් භාරගෙන බැසිල් රාජපක්ෂ මහතාට එකවරම ප්‍රාතිහාර්ය පෑමට නොහැකි බවද ඒ මහතා සඳහන් කළේය.

එවන් භාණ්ඩාගාරයකට ආදායම් උපදවා ගන්නා ගමන් බිලියන ගණන් විදේශ ණය ගෙවීමට ඇතැයි ද ඔහු පෙන්වා දෙයි.

මේ සියල්ල කළමනාකරණය කිරීමට සති කිහිපයක් ගත වනු ඇති බවත් ඉන් පසු ඔහු සහන දෙනු ඇතැයි දැඩි විශ්වාසයක් ඇති බවත් මන්ත්‍රීවරයා තවදුරටත් පැවසීය.

කොළඹදී මාධ්‍ය අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

lankacnews

No comments

Ads Place