Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන දවස ඇවිල්ලා…

  වත්මන් ආණ්ඩුවට වැඩිකල් තම ගමන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ එම පක්ෂ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි. ආණ්ඩුව...

 


වත්මන් ආණ්ඩුවට වැඩිකල් තම ගමන යා නොහැකි බව එක්සත් ජාතික පක්ෂයේ එම පක්ෂ උප නායක හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.

ආණ්ඩුව වැඩකරන ජනතාවගේ අයිතීන් දිනාගැනීමට අරගල කරන වෘත්තීය නායකයන් මර්දනය කිරීම තම පක්ෂය දැඩිව හෙළා දකින බවද ඒ මහතා කියා සිටියේය.

ආණ්ඩුව වැඩිකල් මෙම ගමන යා නොහැකි බවත් ජනතාව පාරට බැස ආණ්ඩුව පන්නා දමන යුගය ඉතා ළඟ බවත් ඒ මහතා පැවසීය.

ඔහු මෙම අදහස් පළ කළේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

තම පාලන කාලයේදී පාසැල් දරුවන්ට ටැබ් පරිගණක ලබා දීමට උත්සාහ කරද්දී එවකට විපක්ෂය ඊට පහර දුන් බවත් අද වත්මන් ආණ්ඩුවටම එය පාරාවළල්ලක් සේ පැමිණ ඇති බවත් ඔහු එහිදී කියා සිටියේය.

එදා නොමිලේ දෙන්න හැදු ටැබ් පරිගණක වෙනුවට අද ගෙවීමේ ක්‍රමයට ටැබ් පරිගණක දෙන්න සූදානම් වන බවත් පැවසූ ඔහු තම පාලනය කාලයේ වෙන් කරන ලද මුදලින් ගෙන්වන ලද පරිගණක ගුරුවරුන්ට වහාම ලබාදෙන ලෙසද ඉල්ලා සිටියේය.

lankacnews

No comments

Ads Place