Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොතලාවල විශ්ව විද්‍යාල පනත ගැන ජනපති මහා සංඝරත්නය දැනුවත් කරයි

කොවිඩ් මර්දන ක්‍රියාවලියට එන්නත්කරණය ඇතුලු රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත...


කොවිඩ් මර්දන ක්‍රියාවලියට එන්නත්කරණය ඇතුලු රජය ගෙනයන වැඩපිළිවෙළ සහ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහා සංඝරත්නය දැනුවත් කර තිබෙනවා. ඒ, බෞද්ධ උපදේශක සභාව 11වන වරටත් ජනාධිපති කාර්යාලයේ දී රැස්වූ අවස්ථාවේදීයි.


විශ්ව විද්‍යාලයේ ප්‍රතිපාදන කොමිෂන් සභා පනතේ ඇති බාධා ඉවත් කර කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඒ යටතට ගෙන එන බව ද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර තිබෙනවා. උසස් අධ්‍යාපනය සඳහා තම දරුවන් විදේශ රටවලට යැවීමෙන් රටට සහ දෙමව්පියන්ට අහිමි වන විශාල මුදලක් ඉතිරි කරගැනීමට නම් ඉහළ ප්‍රමිතියෙන් යුත් මෙවැනි විශ්ව විද්‍යාල රට තුළ බිහිවීමේ අවශ්‍යතාවයද එහිදි ජනාධිපතිවරයා පෙන්වා දී දුන්නා. 


මේ අතර කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන පිළිබඳ මහා සංඝරත්නය දැනුවත් කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසා ඇත්තේ වයස අවුරුදු 30ට වැඩි සියලු දෙනාට අගෝස්තු මාසය අවසන් වීමට පෙර එන්නත් මාත්‍රා දෙකම ලබා දී අවසන් කිරීමට හැකි වනු ඇති බවයි. දළදා පෙරහර මංගල්‍යයට පෙර මහනුවර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපතිවරයා එහිදි සඳහන් කර තිබෙනවා. 


රටේ අනාගතය සඳහා ගනු ලබන ප්‍රතිපත්තිමය තීරණවලට ඇතැම් පිරිස් විචාරයකින් තොරව එරෙහි වීම අනාගත පරපුරට කරන බලවත් අසාධාරණයක් බවද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එහිදි පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ. 

එහිදී මහා සංඝරත්නය පෙන්වා දී ඇත්තේ කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සම්බන්ධයෙන් වූ අරමුණු පිළිබඳවද ජනතාව දැනුවත් කර සමාජය තුළ පැතිර යන මතවාද වැළැක්වීමට පියවර ගත යුතු බවයි. 


මේ අතර කොතලාව ආරක්ෂක විශ්ව විද්‍යාල පනත සම්බන්ධයෙන් අමාත්‍ය විමල් වීරවංශද ඊයේ මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා.

nethnews

No comments

Ads Place