Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගෝස්තු පළමු වනදා සිට ලන්ෂීට් තහනම නැවතත් - දඩයත් ලක්‍ෂය දක්වා ඉහළට

දිරාපත් වන ලන්ච්ෂීට් හැර අනෙකුත් සියළු ලන්ච්ෂීට් ලබන අගෝස්තු මස පළමු වනදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.  ඒ අනුව එදින ...


දිරාපත් වන ලන්ච්ෂීට් හැර අනෙකුත් සියළු ලන්ච්ෂීට් ලබන අගෝස්තු මස පළමු වනදා සිට තහනම් කිරීමට පරිසර අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.  ඒ අනුව එදින සිට එම ලන්ච්ෂීට් නිපදවීම, බෙදාහැරීම හා අළෙවිය තහනම් කරන බවයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර නෙත් නිවුස් කළ විමසීමකදී සදහන් කළේ.


තහනම් කෙරෙන ලන්ච්ෂීට් තිබෙන ස්ථාන සොයා එදින සිට වැටලීම්ද සිදුකරන බවත් එවැනි ස්ථාන සදහා පනවන දඩ මුදල රුපියල් ලක්‍ෂය දක්වා ඉහළ දැමීමටද කටයුතු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී කියාසිටියා.


ඒ අනුව අගොස්තු මස 01 වනදායින් පසුව ආහාර එතීම සදහා යොදාගත හැක්කේ ජෛව හායනික ලන්ච්ෂීට් පමණක් බවයි පරිසර අමාත්‍යාංශය සදහන් කළේ. එවැනි ලන්ච්ෂීට් නිපදවන සමාගම් 8 ක් මෙරට තුළ සිය නිෂ්පාදන කටයුතු දැනටමත් සිදුකරනු ලබනවා. අදාළ සමාගම් සමග පරිසර අමාත්‍යවරයා සාකච්ඡාවක්ද පවත්වා ඇති අතර ලන්ච්ෂීට් නිෂ්පාදනයේදී ඔවුන් මුහුණ දෙන ගැටළු අයත් වාර්තාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බවද පරිසර අමාත්‍ය මහින්ද අමරවීර වැඩිදුරටත් සදහන් කළා.

nethnews

No comments

Ads Place