Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි අමාරුවේ වැටුණා.. සුනාමි හදන්න කෝටි 15ක් වියදම්..- රේණුකා බාලසූරිය

  ශ්‍රී ලංකාවේ බැංකු විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා බැංකු ණය ලබාදෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයකට ණය දෙන පොලී අනුපාතයටම බවත් කොවිඩ් -19 වසංගත තත්ත...


 ශ්‍රී ලංකාවේ බැංකු විසින් චිත්‍රපට නිෂ්පාදනය සඳහා බැංකු ණය ලබාදෙන්නේ සාමාන්‍ය ව්‍යාපාරයකට ණය දෙන පොලී අනුපාතයටම බවත් කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ සිනමා කර්මාන්තය අති දැවැන්තව කඩා වැටී ඇති මෙවැනි අවස්ථාවක එම බැංකු ණය ගෙවා ගැනීමට නොහැකිව චිත්‍රපට නිෂ්පාදකයින් දැඩි අසීරුතාවයකට පත්ව තිබෙන බවත් චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය සඳහන් කරයි.

මේ නිසා, ව්‍යාපාරයකට එහා ගොස් ජනතාවගේ රසවින්දනය ඉහළ නැංවීමට කටයුතු කරන මෙම කර්මාන්තයේ පැවැත්ම උදෙසා මේ පිළිබඳව සානුකම්පිතව බැංකු මේ අවස්ථාවේ බැලිය යුතුව ඇතැයි ඇය අවධාරණය කරන්නීය.

“සුනාමි“ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට රුපියල් මිලියන 154 ක පමණ මුදලක් වැයවූ බවත් ඒ සඳහා තමන් වියදම් කළ මුදලට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් බැංකු වලට ණයවී වියදම් කළ බවත් පවසන ඇය පෙන්වා දෙන්නේ කොවිඩ් -19 වසංගතය හමුවේ චිත්‍රපට ප්‍රදර්ශනය කිරීමට නොහැකිවූ නිසා මෙම මුදල් වලින් කොටසක් හෝ ආදායම් ලෙස සොයා ගැනීමට නොහැකි වූ බවයි. මෙම තත්ත්වයට තමන් පමණක් නොව අනිකුත් චිත්‍රපට නිෂ්පාදකයින්ද මුහුණදී ඇතැයි ඇය පවසයි.

ඇය මෙම අදහස් පල කරන්නේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්චාවකට එක්වෙමිනි.

lankacnews


No comments

Ads Place