Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණේ දුම්රියවල මකුණු කරදරයට තිත!

  සමුද්‍ර දේවි,සාගරිකා සහ රුහුණු කුමාරි දුම්රිය මැදිරිවල පැවැති මකුණු වදයට දිගුකාලීන විසඳුම් ලබාදීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව  දුම්රිය ධාවන ...

 


සමුද්‍ර දේවි,සාගරිකා සහ රුහුණු කුමාරි දුම්රිය මැදිරිවල පැවැති මකුණු වදයට දිගුකාලීන විසඳුම් ලබාදීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක බව  දුම්රිය ධාවන බලවේග උප දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ඉංජිනේරු (ධාවන බල) කේ.ජී.එස් බණ්ඩාර මහතා පවසයි.


එම දුම්රියවල පැරැණි අත්ඇඳි සහ සීට්  පේලි අලුත් අලුත්වැඩියා කිරීමේ  ව්‍යාපෘතිය වඩා විදිමත් කිරීමෙන් මකුණු වදයට පිළියමක් බවද ප්‍රධාන ඉංජිනේරුවරයා කීය.


කාර්යාල දුම්රිය මගීන්ගෙන්  මකුණන් පිළිබඳව ලැබුණු පැමිණිලිවලට අනුව මෙම කටයුත්ත ආරම්භ කර තිබේ. 


දුම්රිය ධාවන කටයුතු සිදු කරන අතරතුර කාල කළමණාකරණය කර ගනිමින් මකුණන් සඳහා දිගුකාලීන විසඳුම් ලබාදීම අපහසු වු බව සඳහන් කළ  ඒ මහතා කෙටි කෙටිකාලීන විසඳුමක් ලෙස මකුණන් රැදෙන ස්ථානයන්ට මකුණු නාශක යෙදු බව පැවසීය.

noizetv

No comments

Ads Place