Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ප්‍රංශය ට තවත් කොවිඩ් රැල්ලක්!

 ප්‍රංශය පෙර මුහුණදුන් කොවිඩ් රැළි තුනටම වඩා වේගවත් සිව්වන කොවිඩ් රැල්ලකට මුහුණ පා සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පවසයි. අකුණක වේගයෙන් පැතිර යන ...


 ප්‍රංශය පෙර මුහුණදුන් කොවිඩ් රැළි තුනටම වඩා වේගවත් සිව්වන කොවිඩ් රැල්ලකට මුහුණ පා සිටින බව රජයේ ප්‍රකාශකයෙක් පවසයි.


අකුණක වේගයෙන් පැතිර යන එම කොවිඩ් රැල්ලේ ව්‍යාප්තිය පාලනයට ගතයුතු  ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කැබිනට් රැස්වීමක් කැඳවා තිබූ අතර එහිදී නව සැලසුමක් සම්මත කරගෙන තිබුණි.

                        

මේ අතර දරුණු කොවිඩ් රැල්ලකට මුහුණදුන් ඉන්දියාව අභිබවා ගිය ඉන්දුනීසියාව ආසියාවේ කොවිඩ් ව්‍යාප්ති කේන්ද්‍රස්ථානය බවට පත්විය.


මේ වන විට ලොව වැඩිම දෛනික මරණ වාර්තාවන රට වන්නේද ඉන්දුනීසියාවය.


වසංගතය තුළ එරටින් වාර්තාවූ වැඩිම දෛනික මරණ සංඛ්‍යාව වාර්තා කරමින් ඊයේ මරණ 1,338 ක් සිදුවී තිබුණි.


එය මේ මස මුලදී වාර්තා වූ දෛනික මරණ මෙන් දෙගුණයක වැඩිවීමකි.


රෝහල්වල රෝගීන් ධාරිතාව ඉක්මවායෑම නිසා බොහෝ පුද්ගලයන්ට නිවෙස්වලදී නිරෝධායනයට ලක්වීමට සිදුවී තිබේ.


එලෙස නිරෝධායනය වෙමින් සිටියදී මියයන පුද්ගලයන්ගේ මළ සිරුරු ස්වෙච්ඡා සේවකයන් විසින් රැස්කර අවසන් කටයුතු සිදුකර තිබුණි.


මේ අතර ඉන්දුනීසියාවෙන් නිල වශයෙන් වාර්තාවන ආසාදිතයන් සංඛ්‍යාවට වඩා සැබෑ සංඛ්‍යා දත්ත බෙහෙවින් ඉහළ අගයක් ගන්නා බව පර්යේෂකයන් පවසයි.

noizetv

No comments

Ads Place