Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැතිවරණ කොල්ලයකට සැරසෙනවා.. කොමිසමේ විශාල පිරිසක් මාරු කරලා..

  සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි. ——– මැතිවරණ කො...

 


සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

——–

මැතිවරණ කොමිෂන් සභාවෙහි සේවය කරමින් සිටින ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගණනාවකටම ස්ථාන මාරුවීම් ලබා දෙමින් තිබෙනවා. ඔවුන් ඒ මගින් සිදු කරන්නට යන්නේ නිදහස් මැතිවරණ පිළිබඳව කැපවීමකින් ක්‍රියා කළ පළපුරුදු නිලධාරීන් පිටමං කරවීමයි.

තමන්ට රිසි, තමන්ගේ උවමනාවන් අනුව ක්‍රියා කරන පිරිසක් අතට සමස්ථ මැතිවරණ කොමිසන් සභාවම පත් කරවීමයි. අවසානයේ නිදහස් සහ සාධාරණ නොවන මැතිවරණ පවත්වමින් එකම පුද්ගල කණ්ඩායමකට සදාකාලිකවම බලය අත්පත් කර ගන්නා පරිසරයක් නිර්මාණය කිරීමයි.

මේ ගැන මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අගයන සියලුම දේශපාලන පක්ෂ අවධානයට යොමු කළ යුතුයි. ඒ වගේම නිදහස්, සාමකාමී හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් කෙරෙහි කැපවීමකින් ක්‍රියාකරන මැතිවරණ නිරීක්ෂණ සංවිධානද මේ ගැන බලවත් ලෙස අවධානය යොමු කළ යුතුයි. එසේ නොවුවහොත් අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය නැත්තටම නැතිව යා හැකියි.

ජනතාවගේ නිදහස හා අයිතිවාසිකම් සිහිනයක් බවට පත් විය හැකිය. ජනතා පරාමාධිපත්‍යය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මුද්‍රණය කර ඇති අකුරුවලට පමණක් සීමා විය හැකියි.

මෙය දැවැන්ත අනතුරක්. කරුණාකර ජනතාවගේ නාමයෙන් මේ ගැන අවධානයට යොමු කරන්න. සියලුම පටු අරමුණුවලින් බැහැර වී මේ රටේ සියලුම දේශපාලන බලවේග මේ තත්ත්වයට එරෙහිව පෙළ ගැසෙන්න, එක්සත් වන්න. අද දවසේ අපගේ ප්‍රධානතම ආයාචනය වන්නේ එයයි.

අපි රජයට කියන්නේ ජනතාවගේ අයිතිවාසිකම් කොල්ලකන්න එපා.

දේශබන්දු කරු ජයසූරිය මහතා
සභාපති
සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය

lankacnews

No comments

Ads Place