Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

“අවුරුදු 15 දැරිය අපයෝජන චෝදනාව මඩක්” කොටුවේ හාමුදුරුවෝ CIDයට කිව්ව කතාව! [VIDEO]

  වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව වෙබ් අඩවි වලින් හා සමාජ ජාල වලින් සිදුකරන අපහාස වලට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත්...

 


වයස අවුරුදු 15ක දැරියක් අපයෝජනයට ලක් කිරීමේ සිද්ධියට අදාළව වෙබ් අඩවි වලින් හා සමාජ ජාල වලින් සිදුකරන අපහාස වලට එරෙහිව පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කොටුවේ හාමුදුරුවෝ පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් පොලිස්පති සහන මැදිරිය පැමිණිල්ලක් ඉදිරිපත් කළා.


පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා ද සමඟ අද දහවල් පූජ්‍ය අත්තරගම පඤ්ඤාලංකාර හිමි හෙවත් කොටුවේ හාමුදුරුවෝ මෙම පැමිණිල්ල භාර දෙනු ලැබුවා.


ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොටුවේ හාමුදුරුවෝ පැවසුවේ අධිකරණයක නඩුවක් පවතින අවස්ථාවක දී තමන් වහන්සේ වෙත මෙය හිතාමතා සිදු කරන අපහාසයක් බවයි.


ජනාධිපතිතුමාව සහ පොලිස්පතිවරයාද මෙයට එක් කරගනිමින් යම් කිසි කණ්ඩායමක් අපහාස කිරීමේ අරමුණෙන් මෙය සිදු කරන බවත් කියා සිටියා.


පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතා කියා සිටියේ…..


මෙම අසාධාරණ අයුතු අපහාස කිරීම් සම්බන්ධයෙන් කොටුවෙ හාමුදුරුවන්ට නීති උපදෙස් ලබා දුන් බවත් මෙම අපහාසය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ඉල්ලා පැමිණිලි ඉදිරිපත් කළ බවයි.


තොරතුරු ප්‍රකාශ කිරීමේ අයිතිය සෑම විටම ආරක්ෂා විය යුතු බවත් කෙසේ වෙතත් මෙවැනි සාවද්‍ය තොරතුරු පිළිගත නොහැකි බවයි.


මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොටුවේ හාමුදුරුවෝ දැක්වූ අදහස්….


noizetv

No comments

Ads Place