Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කිරිපිටි ආනයනය නවත්වන්න සිදුවීම ලෝක යථාර්ථයයි..- බන්දුල

  මෙරටට අලුතින් කිරිපිටි තොග ඇනවුම් කිරීම 50% කින් අඩු කිරීමට කිරි පිටි අානයන සමාගම් විසින් තීරණය කර තිබේ. ඇතැම් කිරිපිටි සමාගම් මේ වනවිට කි...


 මෙරටට අලුතින් කිරිපිටි තොග ඇනවුම් කිරීම 50% කින් අඩු කිරීමට කිරි පිටි අානයන සමාගම් විසින් තීරණය කර තිබේ.

ඇතැම් කිරිපිටි සමාගම් මේ වනවිට කිරිපිටි ආනයනය දැනටමත් සම්පූර්ණයෙන්ම නතර කර දමා ඇත.

සමාගම් සඳහන් කරන්නේ මේ තත්ත්වය මත එළැඹෙන අගෝස්තු මස අවසානයේදී වෙළඳපොලේ ආනයනික කිරිපිටි හිගයක් ඇති විය හැකි බවයි.

දැනට සමාගම් සතුව ඇත්තේ මාසයකට ප්‍රමාණවත් කිරිපිටි තොග පමණක් බවද ඔවුන් පෙන්වා දෙති.

මීට හේතු වී ඇත්තේ කිරිපිටි මිල වැඩි කිරීමක් හෝ බදු සහන ලබා දෙන්නැයි සමාගම් විසින් මාස කිහිපයක සිට කරන ලද ඉල්ලීමට මෙතෙක් රජය ප්‍රතිචාර නොදැක්වීමයි.

මේ වන විට ලෝක වෙළඳ පලේ කිරිපිටි මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති නිසා මැයි මාසයේ සිට සමාගම් අධික අලාභ ලබන බවත් ඔවුන් කියා සිටී.

පවතින තත්ත්වය මත ආනයනික කිරිපිටිවල මිල 30%කින් වැඩි කරන ලෙස සමාගම් විසින් දැනටමත් පාරිභෝගික අධිකාරිය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ කිරිපිටි ආනයනය සීමා කිරීමට සිදුවන බවට සමාගම් පවසන්නේ නම් රජයට ඒ පිලිබදව කිසිත් කරන්නට නොමැති බවයි.

අද වන විට ලෝකයේ පවතින යථාර්ථය මෙය බවත් කොරෝනා හේතුවෙන් බහලුම් ගාස්තු ඉතා ඉහළ මට්ටමට වැඩි වී ඇති බවත් ආනයන අපනයන ක්‍රියාවලිය අඩපණ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.

lankacnews

No comments

Ads Place