Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පඩි ගෙවන්න සල්ලි නෑ.. ප‍්‍රධාන රාජ්‍ය අයතනයකින් සේවකයන්ට දන්වති…

  මෙම මාසය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ. සංස්ථාවේ සභාපතිවරයා ඒ බව සඳහන් කළ බව ඒකාබද්ධ ඉං...


 මෙම මාසය සඳහා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයන්ට වැටුප් කිරීමට නොහැකි තත්ත්වයක් ඇතිවී තිබේ.

සංස්ථාවේ සභාපතිවරයා ඒ බව සඳහන් කළ බව ඒකාබද්ධ ඉංජිනේරු සේවා සේවක සංගමය සඳහන් කරයි.

සංගමයේ නියෝජිතයන් සහ සංස්ථා සභාපති වරයා අතර ති සාකච්ඡාවක දී ඉංජිනේරු සංස්ථා සභාපතිවරයා මේ බව ඔවුන්ට දැනුම් දී තිබේ.

පසුගිය මාස දෙකේදී සංස්ථා සේවක වැටුප් ගෙවා ඇත්තේ මුදල් අමාත්‍යාංශයෙන් දෙන ලද සහනයක් මත බවද සභාපතිවරයා පෙන්වා දී ඇත.

නමුත් මෙම මාසයට වැටුප් ගෙවීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කර ඇතැයි ද සභාපතිවරයා පවසා තිබේ.

සංගමයේ කැදවුම්කරු දුමින්ද නාගමුව මහතා මේ තොරතුරු තහවුරු කලේය.

lankacnews

No comments

Ads Place