Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බැසිල් මුලින් දිවුරන්නේ ඇමති ධුරයකයි.. මන්ත‍්‍රී ධුරයේ දිවුරන්නේ දෙවනුවයි..

  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දෙන්නේ ඇමතිධූරයක දිවුර...


 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ දිවුරුම් දෙන්නේ ඇමතිධූරයක දිවුරුම් දීමෙන් පසුව බව වාර්තා වෙයි.

පාර්ලිමේන්තුව රැස් වූ පසු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේදී දිවුරුම් දීමෙන් පසු බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ආණ්ඩු පක්ෂයේ ඉදිරිපෙළ අසුනක් වෙන් කෙරෙනු ඇතැයි ද පාර්ලිමේන්තුවේ වේත්‍රධාරියා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුරප්පාඩු මන්ත්‍රීධූරය සඳහා බැසිල් රාජපක්ෂ මහතා එම පක්ෂය විසින් නම් කර ඇති අතර මැතිවරණ කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් ගැසට් නිවේදනය අද දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.

මැතිවරණ කොමිසම විසින් මන්ත්‍රීවරයෙකු වශයෙන් පුද්ගලයෙකු ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව ඔහුට ඇමැති ධුරයේ දිවුරුම් දී දෙවනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමේ බාධාවක් නැති බව ද වාර්තා වේ.

lankacnews

No comments

Ads Place