Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්නෙන් පසු මියගිය මුහුදු සත්වයින්ගේ ලැයිස්තුව අධිකරණයට!

 මුහුදු කැස්බෑවන් ඇතුළු මත්ස්‍ය මරණ වලට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදු වූ බව සමුද්‍ර දූෂණ වැලැක්වී...


 මුහුදු කැස්බෑවන් ඇතුළු මත්ස්‍ය මරණ වලට හේතුව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර හානිය නිසා සිදු වූ බව සමුද්‍ර දූෂණ වැලැක්වීමේ අධිකාරිය විසින් පත්කරන ලද විශේෂඥයින් 39 දෙනෙකුගෙන් යුත් කමිටුව මගින් නිර්දේශ කර ඇතැයි නීතිපතිවරයා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දෙන ලදී .


ඒ අනුව මෙම සත්ව මරණ “වාරකන් කාලය” හේතුවෙන් සිදු වී ඇති බවට ඇතැම් පුද්ගලයින් ප්‍රකාශ කර තිබුණත් ඒවා පිළිගත නොහැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් පවසා සිටියා.


එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් ඇති වූ පරිසර විනාශය හේතුවෙන් මුහුදු කැස්බෑවුන් 176 දෙනකු ඩොල්ෆින් මසුන් 20 දෙනෙකු සහ තල් මසුන් 04 දෙනෙකු මේ වන විට මිය ගොස් ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා අධිකරණයට දැනුම් දුන්නා.


අදාළ නෞකාව ගිනි ගැනීමේ සිද්ධියට අදාළ නඩුව අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ඔහු මේ බව පවසා සිටියා.


මේ අතර මෙම සත්ව මරණ වලට අදාලව දිවයින පුරා පිහිටි මහේස්ත්‍රාත් අධිකරණ 26ක විමර්ශන කටයුතු පැවැත්වෙන අතර එම සත්ව මළ සිරුරුවල කොටස් විමර්ශන කටයුතු සඳහා රජයේ රස පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කර ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේ.


මෙම ගිනි ගැනීමේ සිද්ධියට අදාළව කොළඹ වරායේ හාබර් මාස්ටර්වරයාගේ කාර්යාලයේ තිබෙන රේඩියෝ පණිවුඩ පටිගත කිරීමේ යන්ත්‍රය පිළිබඳව විමර්ශනයක් සිදු කරන බව නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් මාධව තෙන්නකෝන් මහතා පවසා සිටියේ.


කෙසේවෙතත් අදාළ රේඩියෝ පණිවුඩ පටිගත කිරිමේ යන්ත්‍රයේ තාක්ෂණික දෝෂයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද දින අධිකරණයට ඉදිරිපත් කර තිබෙන වාර්තාවේ සඳහන්ව ඇති බව අතිරේක මහේස්ත්‍රාත්වරිය අවධාරණය කරනු ලැබුවා.


සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය ජූලි මස 13 වෙනිදා දක්වා කල් තබනු ලැබුවා.

noizetv


No comments

Ads Place