Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

96 මැච් එක දිනන්න උපුල් චන්දනගේ කැපවීම සහ තීරණය බලපෑවා – අපි එහෙමයි තරග දිනුවේ!

ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන මතකයක් අදටත් එක කරන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයයි. එම ජයග්‍රහණයෙන් වසර 25 ගතවුවද ක්‍රිකට් ලෝලීන් වන අපට...



ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට අමතක නොවන මතකයක් අදටත් එක කරන්නේ 96 ලෝක කුසලාන ජයග්‍රහණයයි. එම ජයග්‍රහණයෙන් වසර 25 ගතවුවද ක්‍රිකට් ලෝලීන් වන අපට එය තවමත් අමතක වී නොමැත. එවකට ලෝක කුසලානය ජයග්‍රහණය කරන්නේ විවිධ වූ බාධා මධ්‍යයේ වීම ඉතාම විශේෂ කරුණකි. ජයග්‍රණය සමග ඒ හා බැදුණු සුමිහිරි මතක අදටත් ක්‍රිකට් ක්‍රීඩකයන්ට වගේම ක්‍රිකට් ලෝලීන්ට සදා සැමරීමට මතාක සටහන් එක්කලා


96 ලෝක කුසලානයේ ලෝක පුජිත ක්‍රිකට් විරුවන්ගේ ජයග්‍රහණය පිටුපස විවිධ කතා අසන්නට ලැබෙනවා ඒ කතා අතර රස කතා වගේම දුක්බර කතා නැතුවම නොවෙයි. මේ කතාව තිරනාත්මක කතාවක් .එවකට කණ්ඩයමේ නායකත්වය දරන්නේ අරජුන රණතුංගයි . කණ්ඩයම මනාව පාලනය කරමින්,කළමනාකරණයකින් යුතුව මෙහෙයවමින් ජයග්‍රහනය ශ්‍රී ලංකාවට රැගෙන එන්න කටයුතු කළා


පසුගිය දිනක එම ජයග්‍රහණය සැමරිම වෙනුවෙන් කටයුතු කරපු එක්තරා රුපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් නායක අර්ජුන් රණතුංග මහතා අපුරු හෙළිදරව්වක් කළා. ඒ උපුල් චන්දන කරපු කැපවීමක් සම්බන්ධව 96 එංගලන්තය එක්ක තිබ්බ ක්වාටර් ෆයිනල් එකේදී අර්ජුන විසින් රොෂාන්ට එම තරගය ක්‍රීඩා නොකරන ලෙසත් උපුල් චන්දන ඒ වෙනුවට ක්‍රීඩා කරන ලෙසට කල ඉල්ලීමක්. ඊට හේතුව වී ඇත්තේ එංගලන්තය ලෙග් ස්පිනර්ස් බෝලස්ලාට දුර්වල නිසයි. රොෂාන් මහානාම ඒ තීරණයට කැමැත්තෙන්ම එකගවෙලා තියනවා


මොනවා උනත් එදා රෑ අර්ජුනට මොකක් හරි වෙනසක් තේරිලා තියනවා කවුරුත් නින්දට ගියපු වෙලාවේ රෑ 11 ට විතර උපුල් චන්දන අර්ජුනගේ කාමරේ දොරට තට්ටු කරලා මෙහෙම කියනවා “අර්ජුන අයියේ මගේ හිතට හරි නෑ අපි හෙට රොෂාන් ගස්සමු” ඊට අර්ජුන පවසන්නේ තමන්ද එය කල්පනා කල බවයි. තමන් වෙනුවෙන් නොහිතා රට වෙනුවෙන් කණ්ඩායම වෙනුවෙන් උපුල් ගත්ත ඒ තීරණය අර්ජුන අදටත් මතක් කරන්නේ ඉතාම ප්‍රසන්ෂනිය විදිහටයි


තරගේ දවසේ ක්‍රීඩකයෝ ගොඩක් අවුට් වෙලා තරගේ දිනන්න ලකුණු 38 තිබුන වෙලාවේදී රොෂාන් හෂාන් එකත් එකතු වෙලා මැච් එක දිනනවා. ඒ වගේම සෙමි ෆයිනල් එකේදී උපුල් කරපු තවත් වැඩක් අර්ජුන් බොහොම නිහතමානිව මතක් කරනවා ඒ ගත්ත තීරණාත ඉතාම වැදගත් කියලා ඉන්දියාවත් එක්ක තිබ්බ මැච් එකේදී ප්‍රේක්ෂකයන් බෝතල් වලින් ක්‍රීඩකයන්ට පහර දෙනවා අපි කවුරුත් දුටුවා. ඒ අවස්ථාවේ උපුල් චාන්දන ” ආර්ජුන අයියේ අරවින්දට තුවාල උනොත් සේරම ඉවරයි එයාව ළගට ගන්න මන් යන්නම් බවුන්ඩ් ලයින් එකට” කියල උපුල් අර්ජුනට කිව්වලු එදා ඒ විදිහට නිහතමානීව තීරණ ගත් නිසා ලෝක කුසලානය ජයග්‍රණය කරන්න හැකියාවක් ලැබුනේ ක්‍රීඩකයන්ගේ කැපවිම මත කියලා අර්ජුන රණතුංග මහතා මතක ආවර්ජනය කළා.

noizetv

No comments

Ads Place