Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සහල් මිල ඉහළ යද්දී ආණ්ඩුව යළ කන්නයේ වී එකතු කිරීම අරඹයි

ආණ්ඩුවේ සහතික මිල යටතේ යල කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ වීමට නියමිතයි. මෙලෙස ආණ්ඩුව වී මිලදී ගන්නේ රට තුළ සහල් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති ...


ආණ්ඩුවේ සහතික මිල යටතේ යල කන්නයේ වී මිලදී ගැනීම අද ආරම්භ වීමට නියමිතයි. මෙලෙස ආණ්ඩුව වී මිලදී ගන්නේ රට තුළ සහල් මිල සීග්‍රයෙන් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළයි. මෙවර යළ කන්නයේ වී මිලදී ගැනීමට නියමිතව ඇත්තේ නාඩු වී කිලෝවක් රුපියල් 50 කටත්, සම්බා වි කිලෝවක් රුපියල් 52 ක් යන හහතික මිල යටතේයි. තෙත වී සඳහා රුපියල් 44 ක මිලක් නියම කර තිබෙනවා. 


ඉකුත් කන්නයේදීද ආණ්ඩුව ප්‍රබල මැදිහත්වීමක් සිදුකරන වී මිලදී ගැනීම සිදුකළ ද මේවනවිට වෙළඳපලේ සහල් මිල දිනෙන් දින ඉහළ යමින් පවතිනවා. ඒ අනුව නාඩුවක් කිලෝවක් රුපියල් 125 කට, සම්බා කිලෝවක් රුපියල් 155 කට, කීරි සම්බා කිලෝවක් රුපියල් 220 කට, රතු කැකුළු කිලෝවක් රුපියල් 110 කට හා සුදු කැකුළු කිලෝවක් රුපියල් 115 කටත් වෙළඳපලේ අලෙවි කරන බවටයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.


රට තුළ සහල් හිගයක් ඇති බවත්, සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කිරීමටත් ආණ්ඩුව දැනටමත් සැලසුම් කර අවසන්. 

nethnews

No comments

Ads Place