Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ‍්‍රී ලංකාවේ පෙට‍්‍රල් හිගයක්ද…?

  ශ්‍රි ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැතැයි බලශක්ති ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි. මේ බව පවසමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේ...


 ශ්‍රි ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැතැයි බලශක්ති ඇමතිවරයාගේ මාධ්‍ය ඒකකය සදහන් කරයි.

මේ බව පවසමින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ශ්‍රි ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇතිවීමේ අවදානමක් නැත

ශ්‍රී ලංකාවේ නුදුරු දිනයක පෙට්‍රල් හිඟයක් ඇති වන බවට වෙබ් අඩවි පල කර ඇති ප්‍රවෘත්තියට බලශක්ති අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතාගේ අවධානය යොමු විය.

අද දින වන විට දින 30කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග රට සතුව පවතියි.

තවත් දින 13කින් එනම් ජූලි 19 දින මෙට්‍රික් ටොන් 35,000ක පෙට්‍රල් සහිත නැවක් ලංකාවට පැමිණීමට නියමිතය.

එබැවින් ශ්‍රී ලංකාවේ පෙට්‍රල් හිඟයක් ඇති වීමේ අවදානමක් ඇති බවට පතුරන කතා පදනම් විරහිත බවත් ඒ පිළිබඳ ජනතාව කලබල වීමට අවශ්‍ය නොවන බවත් බලශක්ති අමාත්‍යවරයා අවධාරණය කරයි.

අරවින්ද අතුකෝරල
මාධ්‍ය ලේකම්

lankacnews

No comments

Ads Place