Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අගමැති පොහෝදා පෙහෙවස් සමාදම් වෙයි…

  කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්...

 


කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවසේ සිට ආගමික වතාවත්වල යෙදෙන්නැයි දුන් උපදේශය අනුව යමින් බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය, ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොසොන් පුර පසළොස්වක පොහොය යෙදුණ අද (24) දින උදෑසන තංගල්ල කාල්ටන් නිවසේ දී පෙහෙවත් සමාදන් විය.

තංගල්ල වනවාසී කුඩා විහාරයේ පූජ්‍ය පොල්වත්තේ පේමානන්ද ස්වාමීන් වහන්සේ විසින් අග්‍රාමාත්‍යතුමා පෙහෙවත් සමාදන් කරනු ලැබූහ.

බුදු දහමේ උතුම් හරය නිවැරදිව තෝරා බේරා ගනිමින් බුද්ධ දර්ශනය අනුව අනාගත දිවි පෙවෙත සැලසුම් කර ගැනීමට මෙම කාලය ඉතා වැදගත් බව අග්‍රාමාත්‍යතුමා සිය පොසොන් දින පණිවුඩයෙන් ද අවධාරණය කර තිබිණි.

රොහාන් වැලිවිට,
අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්

No comments

Ads Place