Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔලිම්පික් යන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිවෙයි…

  ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉ...

 


ජපානයේ ටෝකියෝ අගනුවර දී ලබන මස 23 වැනිදා ආරම්භ වන 2020 ඔලිම්පික් ක්‍රිඩා උළෙල නියෝජනය කරන ශ්‍රී ලාංකේය ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම වටිනාකම හිමිකර දීමට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, ඩිජිටල් තාක්ෂණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා මූලිකත්වය ගෙන තිබේ.

ඒ අනුව ජපානයේ රැදී සිටින කාලසීමාව සදහා ශ්‍රි ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඇමරිකානු ඩොලර් 40ක දෛනික දීමනාවක් සහ ඇමරිකානු ඩොලර් 10,000ක විශේෂ දීමනාවක් දෙනු ඇත.

ඔලිම්පික් වරම් ලැබූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ව්‍යාපාරික පංතියේ (Business Class) ගුවන් පහසුකම් සලසා දීමටත් පුහුණුකරුවන් හට අමරිකන් ඩොලර් 5000 ක් සමඟ ඇ.ඩොලර් 40 ක දෛනික දීමනාවක් ලබා දීමටත් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ.

ඒ අනුව මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නියෝජනය වෙනුවෙන් තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 38කට ආසන්න මුදලක් වැය කරයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු, පුහුණුකරුවන් 10 දෙනෙකු සහ නිලධාරීන් 08 දෙනෙකු මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඔලිම්පික් උළෙලට එක්වනු ඇතැයි අපේක්ෂිතය.

වෙඩි තැබීම, තුරග තරග, ජිම්නාස්ටික්, බැඩ්මින්ටන්, ජූඩෝ යන ක්‍රීඩා ඉසව් වලින් ක්‍රීඩකයන් 05 දෙනෙකුත්, පිහිනුම් ඉසව්වෙන් ක්‍රීඩකයින් දෙදෙනෙකුත් ඇතුළුව ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07දෙනෙකු දැනටමත් ඔලිම්පික් නියෝජනයට වරම් ලබා ඇත.

එසේම මලල ක්‍රීඩා, බර ඉසිලීම යන ක්‍රීඩා ඉසව් වලින් තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඔලිම්පික් උළෙලේ ශ්‍රී ලංකාව නියෝජනය කරනු ඇතැයි අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විශ්වාසය පළ කරයි.

ලොව පුරා ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකළොස් දහසක් පමණ මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට එක්වන අතර ඔවුහු ස්ථාන 42ක දී විවිධ තරග 33ක් සහ ඉසව් 339ක් වෙනුවෙන් තරග වදිති.

දැනට පවතින පවතින ගෝලීය කොවිඩ්-19 වසංගත තත්ත්වය මත මෙවර ඔලිම්පික් තරගාවලිය සදහා විශේෂ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමෝපායන් යොදා ගනු ඇත.

විශේෂ ආරාධිතයෙකු ලෙස ඔලිම්පික් සමාරම්භක උළෙලට එක්වන්නැයි ලැබුණ ආරාධනාව පිළිගත් අතර තමන් ඊට අදාළ වියදම් පෞද්ගලිකව විඳදරා ගන්නා බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් උසස් මානසික මට්ටමින් තරගාවලියට සහභාගි කරවීමට අමාත්‍යතුමාගේ ප්‍රමුඛ අවධානය යොමු වී ඇති අතර ඊට අවශ්‍ය කටයුතු මේ වනවිටත් සූදානම් කර තිබේ.

මාධ්‍ය ඒකකය,
තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය

No comments

Ads Place