Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Online පාසැල් ඉගැන්වීම් කරන්න සූදානම්…

  අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඡි.එල් පිරිස් මහාතා Zoom තාක්ශනය ඔස්සේ පැවති මාධ්‍ය සාකචිජාවේදි පාසල් වල මාර්ගගත(Online) අධ්‍යාපනය විධිමත් කිරිම...

 


අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ඡි.එල් පිරිස් මහාතා Zoom තාක්ශනය ඔස්සේ පැවති මාධ්‍ය සාකචිජාවේදි පාසල් වල මාර්ගගත(Online) අධ්‍යාපනය විධිමත් කිරිම ගැන පුළුල් ලෙස අදාළ පාර්ශව සමග සාකචිජා කර ඇති බව පැවසීය.

නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් රටතුල පැතිරිම නිසා දෛනිකව වාර්තාවන රෝගින් ප්‍රමාණය ඉහළ යාම නිසා සියලු රජයේ පාසල් වසා දැමිමට සිදු වු බව ඇමතිවරයා පැවසිය.ගුරු ගෙදර රූපවාහිනි නාළිකාව සහා ඊ-තක්සලාව වෙබි අඩවිය ‍වෙත සෑම පාසල් සිසුවෙකුට සම්බන්ධ විය හැකි පරිදි ක්‍රමවත් වැඩිපිලිවෙලක් සකසා ඇති බව අමාත්‍යවරයා පැවසීය.

මීට අමතරව ZOOM,MS Team,Google Meet සහා Google Classroom වැනි මෟදුකාංග භාවිතයෙන් පාසල් සිසුන්ට ක්‍රමවත් මාර්ගගත(Online) අධ්‍යාපනයක් ලබාදිමට හැකියාව පවතින බවත් ඒ සදහා පාසල් තොරතුරු තාක්ශන ගුරුවරුන් ගේ සෘජු දායකත්වයක් මේ අවස්තාවේ ලබා ගැනිම පාසල් විදුහල්පතිවරුන් ගේ වගකීමක් බව ඇමතිවරයා පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවේ නැවත පාසල් ආරමිභයට පෙර සියලු ගුරුවරුන්ට කොවිඩි එන්නතක් ලබාදීමට ඇති හැකියාව පිළිබද සෞඛ්‍ය අමාත්‍යවරිය ගෙන් විමසු බවත් ඊට යහාපත් ප්‍රතිචාරයක් ලැබුන බවයි.

තවද කොවිඩි වසංගතයේ පැතිරිම සැලකිල්ලට ගෙන රජය අනාගතයේ ගුරු පද්ධතියට එකතු වීමට සිටින වර්තමාන ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ සීමාවාසි ගුරුවරුන්ට ලබන ජුලි මස අවසානය තෙක් නිවසට ආසන්නතම පාසලේ සීමාවාසි පුහුණුව ලැබීමට අවස්තාව ලබා දුන් බව පැවසීය.

අධ්‍යාපන අමාත්‍යංශය ලෙස පාසල් ගුරුවරුන් ගේ සහා සිසුන් ගේ සෞඛ්‍යය ආරක්ශාවට මුල්තැන ලබාදි සෑමවිටම කටයුතු කරන බව ඇමතිවරයා පැවසීය.
-මාධ්‍ය ඒකකය.

No comments

Ads Place