Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ලොක්ඩවුන් වැසියෝ බඩගින්නේ කියා ආහාර ඉල්ලා විරෝධතා…

  කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු විම නිසා හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් (319-L) ග්‍රාමසේවා වසමේ පදිංචි වතු කම්කරු...

 


කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් ගණනාවක් හමු විම නිසා හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් (319-L) ග්‍රාමසේවා වසමේ පදිංචි වතු කම්කරුවන් හුදකලා කිරිම නිසා ඔහුන් විදින පිඩාවන් පිලිබදව සමාජ මාධ්‍ය ඔස්සේ හඩ නගයි.

නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසම ඉකුත් 04 දින සිට හුදකලා කර ඇති අතර , හැටන් පොලිස් වසමට අයත් (319 – I) ඇන්ෆිල්ඩ් ග්‍රාමසේවා වසමට අයත් පොඩයිස් වතු යාය හුදකලා කර ඇත.

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා  වසමේ වතු කම්කරුවන් කියා සිටින්නේ හුදකලා කර දින ගණනාවක් ගත වුවද වතු පාලන අධිකාරියෙන් හෝ  කිසිදු බලධාරියෙක් විසින් තමන්ට මේ වන තෙක් රජයෙන් ලබාදෙන සහනාධාර ලබාදිමට අපොසත් වි ඇති බවයි.

තමන් දින ගණනාවක් නිරාහාරව සිටින බවත්, තම පවුලේ කුඩා ළමුන්ද සිටින නිසා හුදකලා කිරිම හමුවේ තමන් දැඩි පිඩාවට පත් වි සිටින බවයි.

හුදකලා කර ඇති ඉන්ජස්ට්‍රි ග්‍රාමසේවා වසමේ පවුල් 1640 කට අයත් සමජිකයන් 6750 ක් සහ සංචරණ සිමා පනවා ඇති හැටන් පොලිස් වසමට අයත් පොඩයිස් වත්තේ පවුල් 779 කට අයත් සමාජිකයන් 3006 දෙනෙකු සිටින බවයි බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් කියා සිටින්නේ.

කුසගින්නේ සිටින තමුන්ට රජයෙන් ලබාදෙප සහනාදාර ලබාදිමට කටයුතු කරන ලෙසට හුදකලා කර ඇති ප්‍රදේශවල පදිංචි වතු කම්කරුවන් වැඩි දුරටත් කියා සිටියි.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබොඩ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ නුවරඑලිය දිස්ත්‍රික්කයේ හුදකලා කර ඇති ග්‍රාමසේවා වසම් වල සහ සංචාරණ සිමා පනවා ඇති ප්‍රදේශවල ජනතාවට රජය මගින් ලබාදෙන සහනාදාර කඩිනමින් ලබාදිමට අවශ්‍ය පියවර මේ වන විට ගෙන ඇති බවයි.

No comments

Ads Place