Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රෝසිගේ නිවසේ කොරෝනා එන්නත්කරණයේ.. දුප්පතු කපා දමා VIP පෝලිමක්…

  කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ නිවසේ කොරෝනා එන්නත්කරණයක් ඊයේ දිනයේ සිදු කල බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්...

 


කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මියගේ නිවසේ කොරෝනා එන්නත්කරණයක් ඊයේ දිනයේ සිදු කල බව නාරාහේන්පිට ශ්‍රී අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

උන්වහන්සේ සඳහන් කරන්නේ එහිදී එන්නත්කරනය කරන ලද්දේ ප්‍රමුඛතා ලැයිස්තුවේ පිට සිටි පිරිසක් නොව ප‍්‍රභූ හිතවතුන් පිරිසක් බවයි.

කොළඹ නගර සභාවේ එන්නත් කරන වැඩපිළිවෙල සිදුවන්නේ එහි ප්‍රධාන වෛද්‍යවරියක් හා ඇයගේ මවට උවමනා ලෙස බවත් උන්වහන්සේ කියා සිටියාය.

කොළඹ නගරයේ ජීවත් වන දුප්පත් අහිංසක ජනතාව නොතකා හරිමින් බලධාරීන්ගේ හිතවත් කම් හිතවත් පුද්ගලයන්ට විශේෂ ලයිස්තුවක් යටතේ එන්නත්කරනය කරමින් සිටින බව ද උන්වහන්සේ පැවසූහ.

කොළඹදී මාධ්‍ය අමතමින් එහිමියෝ මෙම අදහස් පළ කරන ලදී.

No comments

Ads Place