Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සමාව ඉවරයි… මුව ආවරණ නැති අය උස්සා පොලිස් බසයට දමාගෙන යයි…

  යාපනය දිස්ත්‍රීක්කයේ පවතින දැඩි කොරෝණා අවධානම පිළිබඳව නොසැලිකිලිමත්ව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් යාප...

 


යාපනය දිස්ත්‍රීක්කයේ පවතින දැඩි කොරෝණා අවධානම පිළිබඳව නොසැලිකිලිමත්ව නිරෝධායන නීති කඩ කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් යාපනය පොලීසිය විසින් ආරම්භ කොට ඇත.

මේ අනුව යාපනය නගරයේ මුක ආවරණ පැළඳ නොසිටීම, සමාජ දුරස්තබාවය තබා නොගැනීම ඇතුලු නිරෝධායන නීති කඩ කල පුද්ගලයින් 30 දෙනෙකු පමණ පොලිස් භාරයට ගැනීමට යාපනය පොලීසිය විසින් පියවර ගනු ලැබීය.

පොලිස් භරයට ගත් නිරෝධායන නීති කඩකරන්නන් සියලු දෙනාට පළමු අවස්ථාව බැවින් යාපනය පොලීසිය විසින් දැඩි සේ අවවාද කොට නැවතත් නිරෝධායන නීති කඩකරන්නේ නම් නීත්‍යානුකූලව කටයුතු කොට අධිකරණයට ඉදිරිපත් කරන බවටද දැනුම් දෙනු ලැබීය.

මේ වන විට යාපනය දිස්ත්‍රීක්කයේ කොඩිකාමම් උතුර හා මධ්‍යම ග්‍රාමසේවාවසම් කොරෝණා ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කොට ඇති අතර නිරෝදායන නීති දැඩි කිරීමට පොලීසි හා සෞඛ්‍ය නිලධාරීන් විසින් පියවර ගෙන ඇත.

No comments

Ads Place