Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය පද්ධතියට තවත් දරා ගන්න බෑ.. සියල්ල පිරී ගොසින්..- වසංගත රෝග ප‍්‍රධානී දැනුම් දේ…

  දිනකට කොරෝනා ආසාදිත පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් අලුතින් හඳුනා ගැනීමින් සිටීම නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව ත...

 


දිනකට කොරෝනා ආසාදිත පුද්ගලයන් 2000කට ආසන්න පිරිසක් අලුතින් හඳුනා ගැනීමින් සිටීම නිසා එය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි තත්ත්වයකට පත්ව තිබෙන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

එහි ප්‍රධාන විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරන්නේ දැනටමත් අධික ආසාදිතයන් පිරිසක් රෝහල් ගතව ප්‍රතිකාර ගනිමින් සිටින බවයි.

මෙරට දැනට 17,000 ඉක්මවූ පිරිසක් රෝහල් ගතව සිටින බවද පැවසූ ඔහු දිනකට තවත් 2000ක පමණ පිරිසක් හමුවීමෙන් සෞඛ්‍ය පද්ධතියට දරා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බවද ඔහු සඳහන් කළේය.

ඒ නිසා සියලුම ජනතාව ඉතා වගකීමෙන් කටයුතු කළ යුතු යුතු බවත් රජයට හෝ සෞඛ්‍ය අමාත්‍යංශයට පමණක් සියල්ල සිදු කළ නොහැකි බවත් ඔහු කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කරනු ලැබීය.

No comments

Ads Place