Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බස්නාහිර පලාතෙන් කොවිඩ් ආසාදිතයින් 1300ක් : ගම්පහ දිස්ත්‍රික්කය දැඩි අවදානමක

ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර ස...


ඊයේ දිනයේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 1,914 දෙනෙකු හඳුනා ගෙන ඇතිබව කොවිඩ් -19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. 


ඊයේ හඳුනා ගනු ලැබූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිස 591ක් දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා. සීදුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 95ක්, වත්තල 50ක්, කැලණිය 33ක්, මිනුවන්ගොඩ 31ක්, කඩවත 30, ජා- ඇල 36, නිට්ටඹුව 25ක්, කාටුනායක 23, මීගමුව 20ක් ලෙස වාර්තා වී ඇත.


මේ අතර කොළඹ දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 434 දෙනෙකු වාර්තා වී ඇත. මහරගම 30ක්, පිළියන්දල 20, නවගමුව 15, මිරිහාන 12, හංවැල්ල 13, අවිස්සාවේල්ල 22, කොම්පඤ්ඤවිදිය 38, නාරාහේන්පිට 35, බොරැල්ල 31 සහ මරදාන 22ක් ලෙස ආසාදිතයින් වාර්තා වී ඇත.


මිට අමතරව කළුතර දිස්ත්‍රික්කයෙන් ද කොරෝනා ආසාදිතයින් 368 දෙනෙකු ඊයේ හඳුනා ගනු ලැබුවා. බණ්ඩාරගම 85ක්, පානදුර - දකුණ 33ක්, මිල්ලනිය 39ක්, ඉංගිරිය 30ක්, පානදුර - උතුර 22ක් සහ වාද්දුව 15ක් ලෙස ආසාදිතයින් වාර්තා වුවා.


ඊයේ දිනයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ද ආසාදිතයින් 127 දෙනෙකු වාර්තා වී තිබෙනවා. කුලියාපිටිය 23ක්, කුරුණෑගල 21ක්, පන්නල 20ක් සහ දුම්මලසුරිය ප්‍රදේශයෙන් ආසාදිතයින් 14 දෙනෙකු වාර්තාවී ඇත.


මිට අමතරව මහනුවර දිස්ත්‍රික්කයෙන් 78ක්, ගාල්ල 24ක්, යාපනය 08ක්, කෑගල්ල 32ක්, පුත්තලම 17ක්, අනුරාධපුර 23ක්, මාතර 32ක්, පොළොන්නරුව 05, මාතලේ 35ක්, අම්පාර 19, නුවරඑළිය 13, රතන්පුර 53ක්, වව්නියාව 01, හම්බන්තොට 06, බදුල්ල 03, මොණරාගල 05, මන්නාරම 06, ත්‍රිකුණාමලය 09ක් සහ විදේශගතව සිට පැමිණි පුද්ගලයින් 25ක් ආසාදිතයින් ලෙස හඳුනා ගෙන ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධස්ථානය සඳහන් කළේ.

No comments

Ads Place