Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාපන්දු සංගමයේ හිටපු සභාපති කෝප් කමිටුව හමුවට කැඳවීම කල් යයි

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු සහ පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප්...


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු සභාපති මනිලාල් ප්‍රනාන්දු සහ පාපන්දු සම්මේලනයේ වත්මන් නිලධාරීන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට කැඳවීම කල් දමා තිබෙනවා. ඒ, රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන්. ඒ අනුව එම නිලධාරීන් නැවත කැඳවන දිනය ඉදිරියේදී ප්‍රකාශ කරන බවයි කෝප් කමිටුව සඳහන් කළේ.


පාපන්දු සම්මේලනයේ නිලධාරීන් ඉකුත් අප්‍රේල් මස 22වනදා කෝප් කමිටුවට කැඳවා තිබූ අතර වත්මන් සභාපති අනුර ද සිල්වා ඊට සහභාගී නොවීම හේතුවෙන් එම රැස්වීම අත්හිටිවීමට කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් පියවර ගත්තා.

No comments

Ads Place