වවුනියාව,තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී අද(22) උදැසන යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසනවා....
වවුනියාව,තාණ්ඩිකුලම දුම්රිය හරස් මාර්ගයේදී අද(22) උදැසන යතුරුපැදියක් දුම්රියේ ගැටීමෙන් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බව වවුනියාව පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ යාපනය සිට කොළඹ බලා ධාවනය වන ශිඝ්‍රගාමී දුම්රිය ගමන්ගන්නා අවස්ථාවේදී යතුරුපැදියක් දුම්රිය හරස් මාර්ගය හරහා ගමන් කිරීමේදී
අනතුරු සිදුව ඇති බවයි.
ප්‍රදේශවාසීන් පැවසූවේ අදාළ දුම්රිය හරස් මාර්ගයේ දුම්රිය ගේට්ටුව නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අනතුර සිදුව ඇති බවයි.
තාණ්ඩිකුලම දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය හරස් මාර්ගය පවතින බැවින් දුම්රිය වේගය අඩුකොට පැමිණීම හේතුවෙන් අනතුරින් බරපතල හානි සිදුව නොමැති බවද ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළා.
අනතුරින් 40 හැවිරිදි පුද්ගලයෙකු සුළු තුවාල ලබා ඇති අතර,සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
nethnews
No comments