Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කුරුණෑගලින් කොවිඩ් ආසාදිතයින් 171ක් : දිස්ත්‍රික්ක කිහිපයක ආසාදිතයින් වැඩිවෙයි

  මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා වුවා. ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 578ක් වන අතර ...

 


මාස දෙකකට පසුව මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් ගණන ඊයේ දිනයේදී වාර්තා වුවා. ඊයේ දිනයේදී වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 578ක් වන අතර ඉන් 62 දෙනෙකු විදේශ රටවලින් සිට පැමිණි පුද්ගලයින් වන අතර සෙසු 516 දෙනා මෙරටින් වාර්තා වූ ආසාදිතයින් වන බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා.


ඊයේ දිනයේදී වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171ක් දෙනෙකු වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැල්ලව, ගනේවත්ත ප්‍රදේශයෙන් ආසාදිතයින් 100 දෙනකු, කුලියාපිටියෙන් 59 දෙනෙකු, කුරුණෑගලින් 10 දෙනෙකු ලෙස ආසාදිතයින් වාර්තා වී තිබෙනවා.


මිට අමතරව ඊයේ දිනයේදී පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 51ක් දෙනෙකු වාර්තා වී තිබෙනවා. දංකොටුව ප්‍රදේශයෙන් ආසාදිතයින් 29ක් සහ වෙන්නප්පුවෙන් ආසාදිතයින් 13 දෙනෙකු වාර්තා වී තිබෙනවා.


මේ අතර ඊයේ දිනයේදී ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කයන් වලින් කොවිඩ් ආසාදිතයින් 43 දෙනෙක් බැගින් වාර්තා වී ඇති බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටියේ.


කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 42ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 32ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 28ක්, අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වලින් ආසාදිතයින් 18 දෙනා බැගින් සහ මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 13ක් වාර්තා වී ඇත.


මේ අතර යාපනයේ පොලීස් ස්ථාන කීපයක් හරහා කොරෝනා ආසාධිතයින් වැඩි වීමේ ප්‍රවනතාවයක් දක්නට ලැබුණු බව උතුරු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ඒ.කේතීස්වරන් පවසනවා.


යාපනයේ පොලිස් නිලධාරීන් 13 දෙනෙකු කොරෝනා රෝගීන් ලෙස වාර්තාවීමත් සමගම යාපනයේ සෞඛ්‍ය නිලධාරී කාර්යාල කීපයක් විසින් පොලිස් නිලධාරීන් 258 දෙනෙකු පී.සී.ආර්.පරීක්ෂණ වලට ලක් කොට ඇත. ඊයේ දිනයේදී යාපනය දිස්ත්‍රික්කයෙන් කොවිඩ් ආසාදිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා

nethnews

No comments

Ads Place