Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දෙවන මාත්‍රාව දෙන්න ශ්‍රී ලංකාව රටවල් රැසකින් එන්නත් සොයයි

  කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන...

 


කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 ක් අත්‍යවශ්‍ය බව සෞඛ්‍ය බලධාරීන් පවසනවා.


කොවිඩ් පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ ලබාදුන් පළමු මාත්‍රාවම, දෙවන මාත්‍රාව ලෙස ද ලබාදිය යුතු බවයි.


මෙරට සෞඛ්‍ය හා ආරක්ෂක අංශ ඇතුළු කොරේානා මර්ධන මෙහෙයුමේ ඉදිරිපෙළ සාමාජිකයින්ට ලබාදුන්නේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නතයි.


එය මෙරටට රැගෙන ආවේ ඉන්දියාවෙන්. එහෙත්, මේවනවිට ඉන්දියාවේ මතුව ඇති අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් එම එන්නත් ලබාගැනීම දැඩි දුෂ්කර වී තිබෙනවා. වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ පවතින තත්ත්වය සලකා එන්නත් වර්ග මිශ්‍රකර ලබාදීම කෙරෙහි පරීක්ෂණ සිදුකරන බවයි.

nethnews

කොරෝනා මර්දන එන්නත් ලබාදුන් පිරිසට එහි දෙවන මාත්‍රාව ලබාදීම සඳහා අනිවාර්යයෙන්ම තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 06 

No comments

Ads Place