Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් දේහ වළදැමීමට සැකසු ඉරනතිව් දුපතේ වළවල් ප්‍රදේශවාසින් වසා දමයි (VIDEO)

කොවිඩ් මෘත දේහ වැළලීමට යැයි ඉරනතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට කොවිඩ් මෘත දේහ ගෙනඒමට විරුද්ධව අද (03) ඉරනමාතා නගර්...


කොවිඩ් මෘත දේහ වැළලීමට යැයි ඉරනතිව් දූපතේ සැකසු වළවල් දූපත් වැසියන් විසින් වසා දමා දූපතට කොවිඩ් මෘත දේහ ගෙනඒමට විරුද්ධව අද (03) ඉරනමාතා නගර් වෙරළ තීරයේදී විරෝධතාවයක නිරත වෙමින් සිටින බව අප නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කර සිටිනවා.


ඉරනතිව් දූපත තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට කිසියම් පිරිසක් වළවල් සාදා ඇති බවත් කොවිඩ් මෘත දේහ දූපතට රැගෙනඒමට තමන් දැඩි ලෙස විරුද්ධ බැවින් අදාළ වළවල් වසා දැමු බවත් ඉරතිව් දූපත් වැසියන් පවසන්නේ.


කොවිඩ් මෘත දේහ දූපතට රැගෙන ඒම හරහා දූපතේ ජිවත්වන තම ජනතාවට සෞඛ්‍ය අහිතකර තත්වයන් රැසක් උද්ගත වන බවත්, ධීවර කර්මාන්තයෙන් ජිවත්වන දූපත්වාසීන්ට සිය ජීවන වෘත්තිය කර ගැනීමට නොහැකි වන බවත් විරෝධතාවයට එක්වු කිතුණු ආගමික නායකයින් හා දූපත්වාසීන් ප්‍රකාශ කර සිටියේ.


ඉරනතිව් දූපත් ජනතාව පැවසූවේ තමන්ගේ උපන් භූමිය තුළ කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු කැමැත්තක් නොමැති අතර, කොවිඩ් මෘත දේහ වැළලීමට තමන් කිසිදු අවසරයක්ද ලබානොදෙන බවයි.


යුධ සමයේ පවා තම ජනතාව දිවි හිමියෙන් දූපත රැක ගැනීමට කටයුතු කළ අතර, ජනතාව ජිවත්වන භූමියක කොවිඩ් මෘත දේහ වැළලීමට රජය ගෙන ඇති තීරණය තමන් දැඩි ලෙස හෙළා දකින බවද ජනතාව පැවසූවේ.


විරෝධතාවයට එක්වු ප්රවදේශයේ දේශපාලන නියෝජිතයින් හා ප්‍රදේශවාසින් පැවසූවේ රජය මුස්ලිම් ජනතාව හා කිතුණු ජනතාව අතර පවතින සහයෝගය බිඳ දැමීමමේ උත්සහයක නිරත වන බවට පෙනී යන බවයි. ජනතාව ජිවත් නොවන කුඩා දූපත් රැසක් මෙරට සාගර කලාපයේ පවතින බැවින් රජය එවැනි භූමියක් තෝරාගෙන කොවිඩ් මෘත දේහ ආදාහනය කළ යුතු බවද ජනතාව පවසන්නේ.


විරෝධතාවයට කිතුණු ආගමික නායකයින්, දේශපාලන නියෝජිතයින්, දූපත්වාසීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.






No comments

Ads Place