Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙකු තරග පාවාදීමක

 කොටහේන රත්නම්පිටියේ ඉකුත් සති අන්තයේ පැවති පාපන්දු තරගාවලියකදී තරග පාවාදීමේ සිද්ධීන් කිහිපයක් සිදු වී ඇතැයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා ව...


 කොටහේන රත්නම්පිටියේ ඉකුත් සති අන්තයේ පැවති පාපන්දු තරගාවලියකදී තරග පාවාදීමේ සිද්ධීන් කිහිපයක් සිදු වී ඇතැයි නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වාර්තා වුණා. චීන - ශ්‍රී ලංකා සහයෝගිතා කුසලාන නමින් පැවති මෙම තරගාවලිය සදහා වයස අවුරුදු 40ට වැඩි ක්‍රීඩකයින්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 12ක් තරග වැදුණු අතර හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයෙකු හිමිකාරීත්වය දරන කණ්ඩායමක්ද මෙම තරගාවලියට එක් වුණා. 


තරගාවලියේදී එම හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාද සිය කණ්ඩායම නියෝජනය කළ අතර ශූරයින් බවට පත් වූයේද ඔහුගේ කණ්ඩායමයි. මූලික වටයේදී කලම්බෝ වෙට්රන්ස් කණ්ඩායම සිය දෙවන තරගයෙන් ලද ජයග්‍රහණයත් සමග මෙම හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභපතිවරයා හිමිකාරීත්වය දරන පාපන්දු කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීම අවදානම් තත්වයක පැවතුණා.


අනතුරුව එම කාණ්ඩයේ ප්‍රතිවාදී කණ්ඩායමක් සමග පැවති තරගයෙන් ජය ලැබූ හිටපු ක්‍රිකට් තේරිම් කමිටු සභාපතිවරයාගේ කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායමේ ක්‍රීඩකයින්ගේද සහාය මැද, අවසන් පූර්ව වටයට පහසුවෙන් සුදුසුකම් ලබා ගත්තා. මෙම තරගයේදී ප්‍රතිවාදි කණ්ඩායමේ ක්‍රීඩකයින් හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ කණ්ඩායමට පහසුවෙන් ගෝල රැස්කිරීමට අවස්ථාව ලබාදුන් ආකාරයක් දිස් වූ අතර මෙම තරගය මුදලට පාවාදී ඇති බවටයි බොහෝ දෙනෙකු චෝදනා කළේ. අවසන් පූර්ව තරගයේද මෙවැනි තරග පාවාදීමක් සිදුව ඇති බවට තොරතුරු වාර්තා වනවා. 


ප්‍රතිවාදී කණ්ඩායම්වල සහයෝග මැද තරගාවලියේ අවසන් මහ තරගයට පිවිසි හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයා හිමිකාරීත්වය දැරූ පාපන්දු කණ්ඩායම අවසානයේ ශූරයින් බවටද පත් වුණා. තරගාවලියේ එක් වූ සෙසු කණ්ඩායම් සමග තරග වැදුණු අවස්ථාවලදී එම කණ්ඩායම්වලට මුදල් ලබාදී  හිටපු ක්‍රිකට් තේරීම් කමිටු සභාපතිවරයාගේ පාපන්දු කණ්ඩායම අවසන් වටයේ තරග ජයග්‍රහණය කර ඇති බවයි වාර්තා වන්නේ.


දිවයිනේ විවිධ සංවිධාන විසින් පවත්වන මෙවැනි පාපන්දු තරගාවලි හිදි තරග පාවාදීමේ සිද්ධීන් නිරන්තරයෙන් සිදුවන බවට වාර්තා වනවා. මෙවැනි තත්වයන් නැවැත්වීමට බලධාරීන් කටයුතු නොකළහොත් යොවුන් පාපන්දු ක්‍රීඩකයින්ටද මෙය වැරදු පූර්වාදර්ශනයක් වනු ඇති බවයි පාපන්දු විචාරකයින් පෙන්වා දෙන්නේ. 

No comments

Ads Place