Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අ පො ස සාමාන්‍යය පෙළ අගෝස්තුවටත් උසස් පෙළ දෙසැම්බරයටත් මාරුවන ලකුණු!

  අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙතෙක් කලක් දෙසැම්බර් මාසයේ පැවැත්වූ විභාගය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අ...

 


අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසා සිටියේ මෙතෙක් කලක් දෙසැම්බර් මාසයේ පැවැත්වූ විභාගය අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදීත්, අගෝස්තු මාසයේ පැවැත්වූ උසස් පෙළ විභාගය දෙසැම්බර් මාසයේදීත් පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබෙන බවයි.

මෙම වෙනස්කම් කිරීම සඳහා වන කැබිනට් පති‍්‍රකාව ලබන සතියේදී ඇමැති මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බවද ඔහු පවසා සිටියේය. කෙසේ වුවද මෙම වෙනස්කම් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබීමෙන් පසු එය ජනතා කැමැත්ත මත කි‍්‍රයාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ද මහාචාර්ය කපිල පෙරෙරා මහතා අවධාරණය කළේය.

මහාචාර්ය කපිල පෙරෙරා මහතා පවසා සිටියේ අ.පො.ස. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විභාග ඉහත මාස දෙක තුළ පැවැත්විමට කටයුතු කිරීමෙන් දරුවන්ගේ අධ්‍යාපනයට වැඩිපුර වැයවන කාලය මාස නවයකින් අඩුකර ගැනීමට හැකිවනු ඇති බවයි.මහාචාර්ය කපිල පෙරෙරා මහතාට අනුව සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේදී පැවැත්වීමෙන් පසු සමත්වන සිසුන්ට ජනවාරි මාසයේ සිට උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට හැකිවනු ඇති බවද පවසා සිටියේය.

No comments

Ads Place