Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැම මගුලටම මාව තමයි සෙට් වෙන්නේ – තරුණියගේ හිස කඳෙන් වෙන් කළ SI ගැන හරීන් කියන කතාව

  ඝාතනයට ලක්වුන තරුණිය සහ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍...

 


ඝාතනයට ලක්වුන තරුණිය සහ සියදිවි නසාගත් පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු ඉල්ලා සිටියේ මියගිය අයගේ ජීවත් වන පවුල් තවදුරටත් සමාජයේ ජිවත් විය යුතු බැවින් ඔවුන්ට අපහසුවක් නොවන අයුරින් සමාජ මාධ්‍ය ජාලා වල හැසිරෙන ලෙසයි.

එම සිද්ධිය විටින් විට විහිළුවකට ලක්කරමින් කටයුතු කරන නපුංසක මාධ්‍ය සහ තමන්ව ඒ සිද්ධියට සම්බන්ධ කරමින් සමාජ මාධ්‍ය ජාලයේ විවිධ සටහන් බෙදාහරින ගවුම් අඳින රිලවුන්ට මීට වඩා පිරිමි කමින් කටයුතු කරන මෙන්ද මන්ත්‍රීවරයා ඉල්ලා සිටියි. 

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“මම ඉතාමත්ම කණගාටු වෙනවා ලංකාවේ මාධ්‍ය වාර්තාකරණය වැටිලා තියෙන පහත් තත්වය ගැන. මොකද එක හේතුවක් මේක ස්වභාවධර්මය හා සමාජය තුළ ඇතිවන සිද්ධිය පිළිබඳව අපි මිට වඩා සංවේදීව කටයුතු කළා නම් හොඳයි. මම ඉස්සෙලාම කියන්නම් නැත්තම් දැන් කියයි ඒකටත් දැන් මාවනේ පටලගෙන තියෙන්නේ. මගේ පින්තූරයක් තමයි යන්නේ. යකෝ බලාගෙන යනකොට හැම මගුලටම මාව තමයි සෙට් වෙන්නේ. මම හීනෙකින්වත් හිතුවේ නැහැ මාව පොරක් කරන්නේ මේ ආණ්ඩුව කියලා. ඉතින් විශේෂයෙන්ම මතක තියා ගන්න ඕනේ පොලිසිය, ආරක්ෂක අංශය, ඔය දැන් එළියේ ඉන්න සජිත් ප්‍රේමදාස මහත්තයට හෝ මට දීලා තියෙන මට ඔය චරිත දෙකකින් කිව්වනේ බල්ලෙක් වගේ මරන්නත් පුළුවන් කියලා. එහෙම කියලවත් අපිට ආරක්ෂකයෝ එහෙම හම්බුනෙත් නැහැ. මම ඉල්ලුවෙත් ඒ මිනිස් ආරක්ෂාව නෙවෙයි. නමුත් මහ ඇමතිවරයෙක් හැටියට ඉන්නකොට ඒ වගේම කැබිනට් ඇමතිවරයෙක් වගේ ඉන්නකොට මට මතක විදියට හත් දෙනෙක් හෝ අට දෙනෙක් msd එකේ නිලධාරීන් අපිට එවනවා. ඒ එවනකොට ආපු නිලධාරියෙක් තමයි ඔය කියන එස්.අයි මහත්තයා. ඔය කියන කාලේ එතුමා සාජන් කෙනෙක්. එතුමා ඊට පස්සේ තමයි ප්‍රමෝෂන් ගත්තෙත්. ඒ මම හිතන්නේ මගේ කාලේදී නෙවෙයි. 2018 දින 52දී අපේ හිටපු ඒ ආරක්ෂකයෝ 08 දෙනාවම ගන්නවා. ගත්තට පස්සේ මට දෙන්නෙක් විතරයි ඉතුරු කරලා ඉන්නේ. එතුමා ඊට පස්සේ msd එකට ගත්තා. ඊට පස්සේ එතුමා මන්ත්‍රීවරුන් දෙපළක් ගාව නවීන් දිසානායක, හේෂා විතානගේ ගාවත්.ඊට පස්සේ එතුමා පොලිසියෙන් අයින් වෙලා නැවත එතුමා බුත්තලට යනවා. මම මේ වෙලාවේදී එකක් කියන්න කැමතියි. අපි මේ වෙලාවේ කරන අස්නවාදී සමහර දේවල් වලින් ඒ මනුස්සයා කරපු දේ කිසිම විටක සාධාරණය කරන්න බැහැ. ඒක වරදක්.ස්වභාවධර්මය විසින්ම එතුමාටම පැය කිහිපයකින් එතුමාට එතුමාගේ ජීවිතය නැති කර ගන්න තත්වයට පත් වෙලා තියෙනවා.”

noizetv

No comments

Ads Place