Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රටකජු පැමිණිලි විසඳන්න ඩග්ලස් දේවානන්දා යාපනයේ දුවයි

  යාපනයේ නගරාශ‍්‍රිතව රටකජු ඇතුළු අනිකුත් දේ අලෙවි කරමින් ජීවත් වන සුළු වෙළෙන්දන්ට කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය බලධාරීන් විවිධ නීතිරීති පැනවීමෙ...

 


යාපනයේ නගරාශ‍්‍රිතව රටකජු ඇතුළු අනිකුත් දේ අලෙවි කරමින් ජීවත් වන සුළු වෙළෙන්දන්ට කොරෝනා වසංගතය නිසා සෞඛ්‍ය බලධාරීන් විවිධ නීතිරීති පැනවීමෙන් ඔවුන්ට සිය වෙළෙඳාම් කටයුතු කරගෙන යෑමට නොහැකි බවට පැමිණිලි රැසක් ධීවරය අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා වෙත ලැබී තිබේ.


අමාත්‍යවරයා සිය නිලධාරීන් සමග මේ පිළිබඳව සොයා බැලීමට 2 වැනිදා යාපනයේ පළාත් කීපයක සංචාරය කළ අතර එහිදී වෙළෙන්දන් සමග ඔවුන්ගේගැටලූ සාකච්ඡා කර තිබේ.


සුළු වෙළෙන්දන්ට නගරවල ජනතාව සිටින තැන්වලට ගොස් තම ද්‍රව්‍ය අලෙවි කිරීමට නොහැකි බව වෙළෙන්දන් ඇමැතිවරයාට දැනුම් දීමෙන් පසුව ඇමැතිවරයා සෞඛ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කර එම ප‍්‍රශ්න හා ගැටලුවලට විසඳුමක් ලබා දීමට වෙළෙන්දන්ට පොරොන්දු වී තිබේ.

No comments

Ads Place