Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඩිල්ශාන් Road Safety වනසයි!! ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පළමු තැනට!!

  Road Safety World Series තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවැ...

 


Road Safety World Series තරඟාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

ඒ එංගලන්ත ලෙජන්ඩ්ස් කණ්ඩායම සමග ඊයේ පැවැති තරඟයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනිමින්.

පළමුවෙන් පන්දුවට පහරදුන් එංගලන්තය කඩුලු 9ක් දැවී ලකුණු 78ක් ලබා ගත්තා.

Chris Tremlett 22(10)

Jim Troughton 18(22)

පන්දු යැවීමේ දී තිලකරත්න ඩිල්ෂාන් සිය පන්දුවාර 4 තුළ ලකුණු 6ක් පමණක් ලබා දී කඩුලු 4ක් දවා ගත්තා. ඒ Road Safety World Series තරඟාවලිය තුළ හොදම පන්දු යැවීමයි.



ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමටනම් පන්දුවාර 7.4ක් තුළ මෙම ඉලක්කය සපුරාලීමට අවශ්‍ය වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම  පන්දුවාර 7.3ක් තුළ කඩුලු 4ක් දැවී එම ලකුණු සංඛ්‍යාව ලබා ගනිමින්  ප්‍රසාද ලකුණු සටහනේ පළමු තැන තම කණ්ඩායම ඉදිරියේ ලියා ගත්තා.

මෙම තරගය බොහෝ විචාරකයන් හැදින්වුනේ One man Show ලෙසයි.

ඒ ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ පන්දු යැවීමත් , පන්දු රැකීමත් , පිතිකරණයත් හේතුවෙන්.

ඩිල්ෂාන්ගේ පන්දු යැවීම – පන්දුවාර 4යි , ලකුණු 6කට කඩුලු 4ක්.

පිතිකරණය – නොදැවී පන්දු 26ක් තුළ ලකුණු 61ක් ලබා ගත්තා.

පන්දු රැකීම – ඉතා විශිෂ්ට උඩ පන්දුවක් ලබා ගත්තා

noizetv

No comments

Ads Place