Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

උත්සව සමයේ නිරෝධායන රෙගුලාසි නිසි පරිදි ක්‍රියාත්මක කරන්නැයි ආයතන වෙත දැනුම් දීමක්

 එළඹෙන උත්සව සමයේදී වෙළඳ ආයතන සහ පාරිභෝගික සේවා සපයන ආයතන නිරෝධායන රෙගුලාසි උපරිම ලෙස ක්‍රියාත්මක කරමින් ආයතන පවත්වාගෙන යා යුතු බව පොලිසිය ප...


 එළඹෙන උත්සව සමයේදී වෙළඳ ආයතන සහ පාරිභෝගික සේවා සපයන ආයතන නිරෝධායන රෙගුලාසි උපරිම ලෙස ක්‍රියාත්මක කරමින් ආයතන පවත්වාගෙන යා යුතු බව පොලිසිය පවසනවා.


මේ අතර, ඊයේ දිනයේදී කොරෝනා ආසාදිතයින් 302 දෙනෙකු වාර්තා වුණා.


ඒ අනුව මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 89,175 ක්. ඒ අතරින් 85,944 දෙනෙකු සුවය ලබා තිබෙනවා. වාර්තා වී ඇති කොරෝනා මරණ ගණන 538 ක්.


ආසාදිතයින් 2,693 දෙනෙකු තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ.


ඊයේ දිනය වනවිට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ පුද්ගලයින් අටලක්ෂ 15,585 දෙනෙකුට එන්නත් ලබාදී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.

No comments

Ads Place