Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොටි සංවිධානය ඉල්ලා විජයකලා කළ ප්‍රකාශය ගැන නීතිපතිවරයාගෙ උපදෙස් ලැබී නෑ - පොලීසිය අධිකරණයට දැනුම් දෙයි

  එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි පවසමින් හිටපු  රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළව ගොනු ...

 


එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදී සංවිධානය යළි පිහිටුවිය යුතු යැයි පවසමින් හිටපු  රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශයට අදාළව ගොනු කර ඇති නඩුව සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙ උපදෙස් මෙතෙක් ලැබී නොමැති බව පොලීසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.


මෙම  සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන අවසන් කොට ඉදිරි නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාගේ උපදෙස් පතා ඇති බවත් එහෙත් මෙතෙක් උපදෙස් ලැබී නොමැති බව පොලීසිය අධිකරනයට දැනුම් දුන්නා.


ඒ අනුව මෙම නඩුව සම්බන්ධයෙන් නීතිමය උපදෙස් ලබා දෙන ලෙසට නීතිපතිවරයා වෙත සිහිකැදවීමක් නිකුත් කිරීමට ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළා .


මෙම නඩුව යළි සැප්තැම්බර් මස 10 දා කැඳවීමට නියමිතයි.


මෙම  ප්‍රකාශය තුළින් දණ්ඩ නීති සංග්‍රහයේ වරදක් සිදු කිරීමේ චෝදනාවට අත් අඩංගුවට ගත් මහේෂ්වරන් මහත්මිය මේ වන විට ඇප මත මුදාහැර ඇත.


නීතිපතිවරයාගේ උපදෙස් අනුව හිටපු  රාජ්‍ය ඇමැතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය සැකකරුවකු ලෙසට නම් කොට දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය ප්‍රකාරව 2018 වසරේ ඔක්තොම්බර් මස 8 දින පොලිසිය විසින්  අත් අඩංගුවට ගෙන අධිකරනයට ඉදිරිපත් කරන ලදී .


 2018 වර්ෂයේ ජූලි මස 2 වැනි දා යාපනය වීරසිංහම් ශාලාවේ  පැවති රාජ්‍ය උත්සවයක දී හිටපු  රාජ්‍ය අමාත්‍යවරිය මෙම ප්‍රකාශය කර ඇති බවත් එය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත , දණ්ඩ නීති සංග්‍රහය සහ  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන උල්ලංඝනය කරමින් කර ඇති ප්‍රකාශයක් බවට පොලිසිය අධිකරනයට කරුණු වාර්තා කර ඇත .


 සිංහල රාවය සංවිධානයේ  ජාතික සංවිධායක මාගල් කන්දේ සුදත්ත හිමියන් මෙම සිද්ධිය සම්බන්ධයෙන්  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර  තිබුණි .

nethnews

No comments

Ads Place