Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ශ්‍රී ලංකාවේ ආරක්ෂාවට ඉන්දියාවේ අඛණ්ඩ සහාය

  ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ (03දා) පස්වරුවේ අගමැති මහින්ද රාජප...

 


ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා අරලියගහ මන්දිරයේ දී ඊයේ (03දා) පස්වරුවේ අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමු විය.


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වැනි සංවත්සර සැමරුම් උලෙළට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා සිය නිල සංචාරය අතරතුර අගමැතිවරයා හමුවී සාකච්ඡා කළේය.


එහිදී ආරක්ෂක අංශයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහයෝගය පළකරන බව එයාර් චීෆ් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවූරියා මහතා පැවසීය. ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලීන ආරක්ෂක සහයෝගීතාවයක් ඇති අතර එය ත්‍රස්තවාදයට එරෙහි වීම, සමුද්‍රීය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහි වීම ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබේ.


ඉන්දීය ගුවන් හමුදාව විවිධ පාඨමාලා ඔස්සේ මෙරට ගුවන් හමුදා නිලධාරීන් පුහුණු කිරීම සඳහා ශ්‍රී ලංකාවට නිරන්තර සහයක් දෙයි. දෙරටේ ආරක්ෂක අංශ අතර සහයෝගීතාව තවදුරටත් පුළුල් කළ හැකි බවත්, ඉන්දීය ගුවන් හමුදාව ඉදිරියටත් ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට සූදානම් බවත් ඉන්දීය ගුවන් හමුදා ප්‍රධානීයා කියා සිටියේය.

noizetv

No comments

Ads Place