Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රිමාන්ඩ් කලොත් අසාද් සාලි රෝහල්ගත වෙන්න සියල්ල සූදානම් කරයි..

  රැදවුම් නියෝග මත රහස් පොලිසිය විසින් මේ වන විටත් ප‍්‍රශ්න කරමින් සිටින ජාතික සමගි පෙරමුණේ නායක, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා රක්ෂිත බන්ධ...

 


රැදවුම් නියෝග මත රහස් පොලිසිය විසින් මේ වන විටත් ප‍්‍රශ්න කරමින් සිටින ජාතික සමගි පෙරමුණේ නායක, හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා රක්ෂිත බන්ධනාගාර ගත කළ හොත් ඔහු වහාම රෝහල් ගත කිරීම සඳහා අවශ්‍ය ලිපි ලේඛන මේ වන විට කඩිමුඩියේ සකස් කරමින් පවතින බව වාර්තා වෙයි.

ඔහුගේ නීතිඥ කණ්ඩායමක් විසින් මෙම ලිපි ලේඛන සකස් කරමින් සිටියි.

අසාත් සාලි මහතා කාලයක් තිස්සේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින රෝගයන් සම්බන්ධයෙන් රෝගී වාර්තාවන් වෛද්‍යවරුන්ගේ සහතික යටතේ අධිකරණයට ඉදිරිපත් කර බන්ධනාගාර රෝහලට හෝ වෙනත් රෝහලකට ඇතුළු කරවීම ඔවුනගේ අරමුණයි.

රටේ නීතිය පිළිනොගන්නා බව අසාත් සාලි මහතා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව ලැබී තිබූ පැමිණිලි අනුව ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ඔහු රඳවා ගෙන ප්‍රශ්න කරමින් සිටියි.

රහස් පොලිසිය විසින් ඊයේ පස්වරුවේ ඔහු අත්අඩංගුවට ගන්නා ලදී.

lankacnews

No comments

Ads Place