Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දුමින්ද සිල්වාට සාධාරණයක් වුනේ නෑ.. ජනාධිපති සමාවෙන් නිදහස් කරන්නැයි ආණ්ඩුවේ මන්ත‍්‍රීන් ලිඛිතව ඉල්ලති..

  හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණණීය දණ්ඩනය නියම කර සිරගත කිරීමට කටයුතු කර ඇත්තේ දේශපාලන තීන්දුවකින් මිස අධිකරණ තීන්දුවකින් ...


 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට මරණණීය දණ්ඩනය නියම කර සිරගත කිරීමට කටයුතු කර ඇත්තේ දේශපාලන තීන්දුවකින් මිස අධිකරණ තීන්දුවකින් නොවන බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පෙරේරා මහතා සඳහන් කරයි.

දුමින්ද සිල්වාට සාධාරණයක් සිදු නොවුණු බව ඉතා පැහැදිලිව බවද ඔහු පවසයි.

නඩු තීන්දුව ලබාදීමට පෙර රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා පද්මිණි රණවක විනිසුරුවරිය සාකච්ඡා කළ හඬපට විශාල ප්‍රමාණයක් මේ වන විට හෙළිදරව් වී ඇතැයිද ඇමතිවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් කළ යුතු බවද පැවසූ ඔහු දුමින්ද සිල්වාට සිදු වූ අසාධාරණය ගැන රජයේ පාර්ලිමේන්තු කණ්ඩායම අත්සන් තැබූ ලිපියක් මගින් ජනාධිපති සමාව මගින් හෝ ඔහු නිදහස් කරන්නැයි ඉල්ලමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා ඇති බවද සදහන් කලේය.

lankacnews

No comments

Ads Place