Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ත්‍රීරෝද රථයෙන් පාසලට පැමිණෙමින් සිටි සිසුවියකට රියදුරා බ්ලූ ෆිල්ම් පෙන්වයි..

  පාසලට කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටී පාසල් සිසුවියකට ගමන අතරමගදී ජංගම දුරකථනයෙන් විදේශීය නිල් චිත්‍රපටයක අසභ්‍ය දසුන් ඇයගේ අකමැත්ත...


 පාසලට කුලී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටී පාසල් සිසුවියකට ගමන අතරමගදී ජංගම දුරකථනයෙන් විදේශීය නිල් චිත්‍රපටයක අසභ්‍ය දසුන් ඇයගේ අකමැත්තෙන් පෙන්වා හිංසනයට ලක් කළ බව කියන විශ්‍රාමික හමුදා සෙබළ සැකකරුවකු අලූත්ගම පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව කියයි.

මොරගල්ල ප්‍රදේශයේ සිට අලුත්ගම නගරයේ පාසලට ත්‍රීරෝද රථයෙන් ඇරලවන්නෑයි එම සිසුවියගේ මව අසල්වැසි 52 හැවිරිදි ත්‍රීරෝද රියදුරාට තම දාසය හැවිරිදි දියණිය බාරදී තිබේ.

සැකකරු ත්‍රිරෝද රථය පනගන්වා ගාලුපාර ඔස්සේ අලුත්ගමට ගමන් කරන අතරතුර දී මඳ දුරක් පැමිණ ඔහුගේ ජංගම දුරකථනයේ තිබූ අසැබි දසූ නක් එම සිසුවියට බලන්න දී ඇති අතර එම අවස්ථාවේම එම සිසුවිය එය ප්‍රතික්ෂේප කර කෑ ගසා ත්‍රීරෝද රථය වේගය අඩු කරනවාත් සමගම කාලවිල වත්ත ප්‍රදේශයේදී ඉන් පැන තිබේ .

මෙම සිසුවිය ගේ කෑගැසීමත් සමග එම ස්ථානයට ප්‍රදේශවාසීන් පිරිසක් රැස්වීමෙන් සිසුවිය කාරණය ඔවුන්ට පවසා සිය මව ගෙන් වා අලුත්ගම පොලීසියට ගොස් පැමිණිලි කර තිබේ .

එම අවස්ථාවේ පලා ගොස් සිටි ත්‍රීරෝද රථ රියදුරා පැය කීපයකින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙම සැකකරු යුද හමුදාවේන් විශ්‍රාම ලබා කුලී පදනම මත ත්‍රීරෝද රථයක් ජංගම දුරකථන ඇමතුම් මත ධාවනය කරන්නෙකු බවත් අසල්වාසි අයකු නිසා තම දියණිය එම ත්‍රිරෝද ත්‍රීරෝද රථයෙන් විශ්වාසයක් ඇතිව පිටත්කර බවත් එම සිද්ධියට මුහුණ දුන් සිසුවියගේ මව පොලිසියට පවසා තිබේ .

සැකකරු සමඟ එම ත්‍රිරෝද රථය සහ අසභ්‍ය දසුන් පෙන්වූ බව කියන ජංගම දුරකථනය පොලිස් භාරයට ගත් බව කියයි . ජංගම දුරකථනය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව බවද පරීක්ෂණ සිදුකරන පොලිසිය කියයි .

lankacnews

No comments

Ads Place