Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත රටේ ජනතාවට ලබාදීම තායිවානය සැරසෙයි

  ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සිය රටේ ජනතාවට ලබාදීම සඳහා තායිවානය අනුමැතිය ලබාදී තිබෙනවා. එරට සෞඛ්‍ය අමාත්‍ය චෙං ෂී චුන් ප්‍රකාශ කළේ, පළ...

 


ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත සිය රටේ ජනතාවට ලබාදීම සඳහා තායිවානය අනුමැතිය ලබාදී තිබෙනවා.


එරට සෞඛ්‍ය අමාත්‍ය චෙං ෂී චුන් ප්‍රකාශ කළේ, පළමු එන්නත්කරණ වැඩසටහන ලබන සඳුදා දිනයේ සිට ආරම්භ කරන බවයි.


තායිවානයේ පළමු එන්නත් තොගය ලෙස ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා එක්ලක්ෂ 17,000 ක් දකුණු කොරියාවේ සිට තායිවානයට ආනයනය කර ඇත්තේ මේ මස මුලදීයි.


එරට ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය මගින් සිදු කළ පර්යේෂණවලින් අනතුරුව, ඇස්ට්‍රාසෙනිකා එන්නත මහජනතාවට ලබාදීමට අනුමැතිය දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.


පළමු එන්නත්කරණ වැඩසටහන යටතේ තායිවානයේ පුද්ගලයින් 60,000 කට පමණ එන්නත් ලබාදීමට නියමිත අතර සෞඛ්‍ය සේවකයින්ට එහිදී ප්‍රමුඛතාව ලබාදීමට නියමිතයි.


එන්නත්කරණ වැඩසටහන ප්‍රමාද වීම සම්බන්ධයෙන් තායිවානය සිය කනස්සල්ල පළ කර ඇති අතර, වසංගතය සීඝ්‍රයෙන් පැතිර වන අනෙක් රටවල තරම් තායිවානය තුළ හදිසි තත්ත්වයක් නොමැති බැවින් එලෙස එන්නත්කරණ වැඩසටහන කඩිනම් කිරීමට පියවර නොගත් බව ද ප්‍රකාශ කර තිබෙනවා.


මේ වනවිට තායිවානයෙන් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 990 ක්. එරටින් මේ දක්වා වාර්තා වී ඇත්තේ කොවිඩ් මරණ 10 ක් පමණයි.

nethnews

No comments

Ads Place