Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොවිඩ් එන්නත ලබා නොගෙන පැමිණෙන පුද්ගලයින්ට නිවෙස් නිරෝධායනයට අවස්ථාව

  කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි  නිරෝධායන වන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍...

 


කොවිඩ් එන්නත ලබා නොගත් පුද්ගලයින් විදේශ ගතව සිට පැමිණ හෝටල් හි  නිරෝධායන වන පුද්ගලයින්ගේ නිරෝධායන කාලය අඩු කිරීමට පියවර ගෙන තිබෙන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.


විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ පැමිණීමේ දිනය සිට දින 07ක් තුල සිදුකරන අතර එම වාර්තාවේ ප්‍රථිපල අනුව දින 07ක නිරෝධයනයෙන් පසු නිවෙස කරා යාමට ඉඩ සලසා දේ.


නිවෙසට පැමිණීමෙන් පසු ඒ සම්බන්ධයෙන් ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන්ට දැනුම් දීමෙන් පසු ඉතිරි දින 07ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.


සාමාන්‍ය නිරෝධායන මධ්‍යස්ථාන තුල නිරෝධායනයට ලක්වන විදේශගතව සිට පැමිණෙන පුද්ගලයින් ගේ පැමිණි දිනයේදී සහ  දින 10 කට පසුව PCR පරීක්ෂණ වලට ලක් කෙරෙනු ඇත.


එම PCR පරීක්ෂණ දෙකේ ප්‍රථිපල අනුව ඔවුන්ට නිරෝධායන මධ්‍යස්ථාන තුලින් පිටව යෑමට අවසරය හිමිවේ.


නිවසට යාමෙන් පසු සෙසු දින 04 ක කාලය නිවෙස් නිරෝධායනයේ පසුවිය යුතුය.

No comments

Ads Place